කාලි පහළොස්වන ප්‍රවේශය

795 119 3
                                    

"අය්යා සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ...."

රායප්පන් මාමා කිව්වෙ චන්දෘලා ගෙට ගොඩවෙද්දිමයි...

"එන්න වෙලාවක් තිබ්බෙ නැතුව මිසක් මටත් හරි උවමනවාක් තිබ්බා මල්ලිලාව බලලා යන්න එන්න... දුවත් ඉන්නෙ මේ..සෑහෙන පොඩි කාලෙදි නෙ මම දැක්කෙ දැන් යස ලමිස්සියෙක් නෙ..."

මරියදාස් අභී දිහා බලාගෙන කියද්දි අභී ලැජ්ජාවෙන් බිම බලාගෙන හිනාවුණා..

"යන්කො යන්කො අය්යෙ ගෙට... ඇතුලට ගිහිං බැරියැ විස්තර කතා කරන්න..."

එහෙම කියලා රායප්පන් චන්දෘ ලාව ගේ ඇතුලට එක්කන් ගියා..නැන්දා අභී එක්ක කුස්සියට ගියේ බොන්න මොනවා හරි හදාගෙන එන්න...

ආපු වෙලාවෙ ඉදන් පුටු දෙකක් රත් කර කර දේශපාලනේයි අරවයි මේවයි බිස්නස් ගැනයි කියවන මාමගෙයි අප්පගෙයි සාකච්චාව චන්දෘ ට නන් තිත්ත වෙලා තිබුණෙ...නැන්දා ගෙනාපු තේ එකත් බීලා චන්දෘ නැන්දගෙන් එයාලගෙ කාමර තියන තැන ඇහුවෙ ටිකක් නිදහසේ ඉන්න හිතාගෙන...

"අභී පුතාට පෙන්නන්කො උඩ තට්ටුවෙ පුතාට ලෑස්ති කරලා තියන කාමරේ...."

"නංගිට කරදර කරන්න ඕන නෑ නැන්දෙ..මට යන විදිහ කියන්නකො මම යන්නන්..."

"නෑ නෑ එන්නකො මම පෙන්නන්නන්..."

එහෙම කියලා අභී චන්දෘ ගෙ අතින් අල්ලගෙන උඩතට්ටුවට යන්න යද්දි චන්දෘ ත් මුකුත් නොකියම ඒ පස්සෙන් ඇදුණා.

"මෙන්න කාමරේ...වොෂ් එකක් දාගෙන ටිකක් රෙස්ට් කරන්නකො අය්යා..."

අභී කාමරයක් ලගට ඇවිත් නැවතිලා කියද්දි චන්දෘ හා කියන්න වගේ ඔළුව වැනුවා...

"මගේ අත...."

චන්දෘ කියද්දියි අභීට මතක් වුණේ එයා තාමත් චන්දෘ ගෙ අත අල්ලගෙන ඉන්නෙ කියලා...අභී තමන්ගෙ අත අතෑරලා හිනාවෙවී පහලට දුවන දිහා චන්දෘ ටික වෙලාවක් බලාගෙන ඉදලා කාමරේ ඇතුලට ගියා... ගමන් මහන්සිය නිසා වොෂ් එකක් දාගෙන ආපු ගමන්ම චන්දෘ ඇදට වැටුණෙ රෑට කන්නවත් නොඉද....

••••••••••••••••••



































කාලි ||(Completed Bl)Where stories live. Discover now