කාලි දෙවන ප්‍රවේශය

1.3K 182 22
                                    

"අප්පා අප්පා.... කාලි මෙහෙ ආවාද...ඌට කොහෙන්ද එච්චර හයියක් ආවෙ...."

කොල්ලො ටිකත් එක්ක ගෙදරට ආපු චන්දෘ බයික් එකේ යතුර මේසෙ උඩට විසි කරන ගමන් මරියදාස් මුදලාලිගෙන් ඇහුවෙ කේන්තියෙන් පුපුරන ගමන්...

ඒකට වචනෙන් උත්තරයක් නොදී මරියදාස් මුදලාලි වාඩිවෙලා හිටපු තැනම ඉදන් ඔළුව වැනුවෙ ඔව් කියන්න.

" ඒ මිනිහට කොහෙන්ද එච්චර හයියක් ආවෙ. අද මං ඌව ඉවරයක් කරනවා අප්පා.... ඉවරයක් කරනවා.... "_

චන්දෘව මහ සද්දෙන් කෑගහන ගමන් මේසෙ දෙදරන්න වගේ මේසෙට ගහගෙන ගහගෙන ගියා. එහෙම කියල ආයෙම බයික් එකේ යතුර ගත්ත චන්දෘව ගෙදරින් එලියට බැහැලා ගියේ මරියදාස් මුදලාලියි චන්දෘ එක්ක ආපු කොල්ලො ටිකයි  බලාගෙන ඉද්දි මයි...

•••••••••••••••


•••••••••••••••














" ඒයි ජිල්ලු මොකෝ අද උදෙන්ම මේ පැත්තෙ ... අපේ කාලි මල්ලිත් ඇවිත් ඉන්නෙ මේ.... "
තේ කඩේ මුදලාලි ප්ලේන්ටියක් දාන ගමන් ජිල්දුගෙන් අහද්දි ජිල්ලු හිටියෙ එයාගෙ නූඩ්ල්ස් වගේ කැරලි කොන්ඩෙ කස කස..

" මට උදේ පාන්දරම මුදලාලිගෙ ප්ලේන්ටියක් බොන්න දොලදුකක් ආවා නෙව. ඒකයි ඉතිං මේ කාලි අණ්නාත් කතා කරගෙනම ආවෙ..."

" දොල දුක් හැදෙන්නෙ බඩදරු අම්මලාටනේ බොල... උඹ කවද්ද බඩ උනේ ... " 

මුදලාලි කියපු කතාවට එතන හිටපු ඔක්කොමලා වගේ හිනා වුණා....

" මුදලාලි අපිට කිරිතේ එකක් දාන්න "
කාලි වාඩිවෙලා හිටපු පුටුව ලාවට පද්දන ගමන් කිව්වෙ ජිල්ලුගෙ පිටට තට්ටුවක් දාල සිගරට් එකක් පත්තු කරගන්න ගමන්. ඒ එක්කම වගේ එතනට බයික් එකෙන් ආවෙ චන්දෘ. බයික් එක නිසා ඇවිස්සිච්ච දූවිලි වලින් බේරෙන්න කාලි මූණ අනිත් පැත්තට හරෝගත්තා....

"චූටි මුදලාලි මාතියා මොකෝ මේ පැත්තෙ හදිස්සියෙම...."

මුදලාලි ඉක්මනට කඩෙන් එලියට බැස්සෙ මෙතන වෙන්න යන්නෙ හොඳ දෙයක් නෙවෙයි කියල තේරිච්ච නිසා. ගින්දරයි පුළුනුයි එක ලඟ තියලා ඇවිලෙනවද නැද්ද කියල බලාගෙන ඉන්න පුලුවන් කමක් නෑනෙ.

" ඇයි දැන් මේ පලාතට එන්න මං තමුසෙගෙන් අවසර ගන්න ඕනද ? "

චන්දුවා ඇහුවෙ කට කොනකින් හිනා වෙන ගමන්.

ඒ එක්කම වගේ නැගිටපු කාලි ජිල්ලුටත් පස්සෙන් එන්න කියල අතින් සංඥා කරන ගමන් ජීප් එක ගාවට ගියේ මේ වෙලාවෙ ආරවුලක් හදාගන්න තිබ්බ අකමැත්ත නිසා.

" එහෙනං මුදලාලි මුදලාලිගෙ කිරි තේ දෙක අපි වෙන දවසක බොන්නම්කො... "

කාලිගෙන් පස්සෙන් ඇදෙන ගමන් ජිල්ලු කිව්වෙ චන්දෘ දිහාත් බලලා ලාවට හිනාවෙවී.

" කාලි ඔහොම නවතිනවා "
කාලි ජීප් එක ගාවට ගිහින් ජීප් එකට නගින්න හදද්දිම චන්දෘගෙ කටහඬ ඇහිල නැවතිච්ච කාලි ආපහු හැරුණා. ඒ එක්කම වගේ කාලි ගාවට ආපු චන්දෘ කාලිව ජීප් එකට හේත්තු කරල කාලිගෙ ශර්ට් එකේ කොලර් එකෙන් තද කරලා අල්ල ගත්තා.

" තමුසෙ මොනවද මං ගැන හිතාගෙන ඉන්නෙ ආ.... පර බල්ලා ..... අපේ ගෙදරට ඇවිත් අපිටම තර්ජනේ කරල යන්න උඹට කොහේ තියෙන හයියක් ද ආ....
අනික උඹ දන්නැද්ද පාරෙ ඉපදුන වල් සත්තු අපි ගෙවල්වලට වද්දගන්නෑ කියලා. "

චන්දෘගෙ ඒ වචන වලට කාලි කලේ කිසිම දෙයක් නොකියා බලාගෙන හිටපු එක. චන්දෘගෙ කමිසෙ අතරින් පේන දුඹුරු පාට ඇග දිහා කාලි බලාගෙන හිටියෙ කට කොනක හිනාවක් එක්ක. ඊට පස්සෙ චන්දෘ මොන මොනවදෝ කිව්වත් කාලිට ඒ කිසි දෙයක් ඇහුනෙ නෑ. එකපාරටම තමන්ගෙ කමිසෙන් අල්ලගෙන තිබිච්ච චන්දෘගෙ අත තද කරල අල්ලගත්ත කාලි චන්දෘව කරකවල අරගෙන ජීප් එකට හේත්තු කරල තමන්ගෙ අත් දෙකට හිරකර ගත්තා. කාලිගෙ සිගරට් නිසා දුඹුරු පාට වෙච්ච තොල් දෙක චන්දෘගෙ මූණට ලං කලේ හුස්ම වදින නොවදින දුරෙන්...

" චූටි මුදලාලි මහත්තයා ඉස්සර වගේම ලස්සනයි නෙ. නැද්ද ජිල්ලු... "

චන්දෘව තමන්ගෙ අත් අතරට හිරකරගන්න ගමන් කාලි ජිල්ලු දිහාවට ඇහැක් ඉඟි කරල ඇදුවෙ ආයෙත් කට කොණකින් හිනා වෙලා.















මේක චැප්ටර් එක ටිකක් කොටයි.හවසට තව එකක් ඕනද එපාද....🌚🤸

එපා කිව්වොත් දෙනවා ඕන කිව්වොත් දෙන්නැත...

_Zrash_

කාලි ||(Completed Bl)Where stories live. Discover now