කාලි පස්වන ප්‍රවේශය

1.1K 162 5
                                    

"චූටි මුදලාලි මහත්තයා මොකෝ තනියම හිනාවෙන්නෙ? කාවහරි මතක් වෙලාවත්ද?"

දෙහි එකකුත් හදාගෙන ඇවිත් ඇඳේ කොනකින් වාඩි වෙච්ච කාලිගෙ කටහඬට තමයි  චන්දෘ පියවි ලෝකෙට ආවෙ..

"නෑ මං මේ කල්පනා කලේ අභී ගැන.."

"කවුද අභී?"

චන්දෘ ඇඟට පතට නොදැනි කියලා දාද්දි කාලි ඇහුවෙ කටහඬ ටිකක් බර කරලා..

"ඇයි අනේ දන්නැද්ද මන් බඳින්න ඉන්න කෙල්ල.. මගේ නෑනා... ලබන මාසෙ අපේ කසාදෙත් තියෙනවනෙ..!"

චන්දෘ දැක්කා ඒක අහපු ගමන් කාලිගෙ මූණ ලාවට අඳුරු වෙලා යනවා.. චන්දෘට ඕනි වෙලා තිබ්බෙත් ඒකම තමයි.. ඒ නිසා එයා අනිත් පැත්තට මූණ හරවගෙන කාලිට නොපෙනෙන විදියට ලාවට හිනාවුනා..

"ආ මේක බොන්න.."

එහෙම කියලා ගෙනාපු දෙහි බීම එක ඇඳ ගාව තිබ්බ මේසේ උඩින් දඩස් ගාලා තියලා කාලි යන්න හැරුණා.. ඒ එක්කම වගේ චන්දෘ කාලිගෙ අතේ එල්ලුනා..

"මට මේක තනියම බොන්න බෑ.. තමුසෙට පේනවනෙ මගෙ එක අතක් තුවාල වෙලා තියෙන්නෙ කියලා"

චන්දෘ කියද්දි කාලිගෙ ඇස් දෙක ගියේ පොඩි ප්ලාස්ටර් කෑල්ලක් ගහලා තිබ්බ චන්දෘගෙ අත දිහාවට.. ඇත්තටම ඒ පොඩි තුවාලෙ නිසා චන්දෘට බීම වීදුරුව අල්ලගන්න පණක් නැති වෙන්න තරම් අවුලක් ඒකෙ නෑ කියලා කාලිට තේරුනා.. ඒත් කාලි එහෙම්මට චන්දෘ ළගින් වාඩිවෙලා බීම වීදුරුව චන්දෘ ගාවට ළං කළා..බීම එකෙන් භාගයක් විතර කට ඇඹුල් කර කර බීපු චන්දෘ දැන් ඇති කියන්න වගේ කාලිගෙ අත මෙහාට කලා.

කාලි එහෙම්මම බීම එක මේසෙ උඩින් තිබ්බා..

"කවදද කසාදෙ තියෙන්නේ?"

කාලි ඇහුවෙ කසාදෙ ගැන අහපු වෙලාවෙ ඉදන් තිබුණු හිනාපොදක් නැති මූණ ඒ විදියටම තියාගෙන.

"ලබන මාසෙ.."

චන්දෘ උත්තර දුන්නෙ ඕනවට එපාවට වගේ..

"හරියට කියනවා කවද්ද කියලා"

කාලිගෙ කටහඬෙන් චන්දෘ තේරුම් ගත්තා කාලිට කේන්ති ගිහින් ඉන්නෙ කියලා..

"එහෙම දිනයක් නෑ ඉතිං... ඒත් ඉක්මනට ම දාගන්න ඕන දිනයක්..."

චන්දෘ කිව්වෙ අමාරුවෙන් ආපු හිනවා තදකරගෙන.

"කව්ද ඒ කෙල්ල? ආ නෑනා කිව්වනෙ.. කොහොමද කෙල්ල ලස්සනද?"

කාලි ඒක ඇහුවෙ කින්ඩියට වගේ..

"තමුසෙට මොකටද ඒක?"

චන්දෘ මූණ කලු කරගෙන අහද්දි කාලි ටික වෙලාවක් නිශ්ශබ්දව හිටියා..

"චන්දෘ"

ඒ ආමන්ත්‍රණයට චන්දෘව එකපාරම ගැස්සිලා ගියා.. මොකද අවුරුදු ගානකට පස්සෙ කාලි එයාගෙ නම කියලා කතා කරපු පලවෙනි වතාව මේ.. චන්දෘ ඒකට ආස වුනා.. මෙච්චර වෙලා මවාගෙන හිටපු දරදඬු ගතිය ලිහිල් කරලා චන්දෘ හුරතල් විදියට ඔලුව වැනුවා..

"ඔයා ඒ කෙල්ලව කසාද බඳිනවද චන්දෘ?
ඔයා ඒ කෙල්ලට ආදරේ කරනවද චන්දෘ?"

කාලි ඒක ඇහුවෙ අමුතුම ස්වරයකින්.. චන්දෘට කාලිගෙ කටහඬ ඇහුනෙ හරියට හදවත බිඳිලා යන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක්ගෙ කටහඬක් වගේ..

චන්දෘ ඔලුව වැනුවෙ ඔව් කියන්න..

"මම එයාව බඳිනවා හැබැයි ආදරේ කරන්නෙ නෑ.. ඉස්සරහට කරන්නත් බැරිවෙයි..මොකද මන් ආදරේ කරෙත් එක්කෙනාටයි ඉස්සරහට මගේ හදවතේ ඉන්නෙත් එයාම විතරයි.. ඒ කෙනා එදා මාව ඒ විදියට ප්‍රතික්ෂේප නොකලා නම් අද මට එහෙම තීරණයක් කීයටවත් ගන්න වෙන්නෙත් නෑ.."

"ඒ කියන්නෙ දැන් ඒ තීරණේ ගන්න මම පරක්කු වැඩිද චන්දෘ?"

කාලි අහද්දි චන්දෘ අහක බලාගෙන කාලිගෙ ඇස් මගෑරියා.. ඒත් ටික වෙලාවකින් චන්දෘගෙ මූණට ආවෙ පොඩි හිනාවක්..

"හැබැයි සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන්.."

ඒක ඇහුනා විතරයි දොර ගාවට ගිහින් හිටපු කාලි එහෙම්මම දුවගෙන ඇවිත් ඇඳට පැනලා



..






මට gl එකක් ලියන්න ඕන...ඒත්....ආයිෂ් මට ලියාගන්න බැහැනෙ...🌚🌛....


_Zrash

කාලි ||(Completed Bl)Where stories live. Discover now