🔴 save him

55 21 25
                                    

හීසන්ග් පොලිසියට යන්න ගියේ වෙන වැඩකට වුනත් සන්ග් හූන් එහෙට යන්න ගියේ නිකී ගැන කියන්න...ඒත් හීසන්ග් ඒ ගිය වැඩෙත් නිකී එක්ක පොඩ්ඩක් විතර සම්බන්ධ නැත්තෙමත් නෑ....

මේ වෙද්දි බොම්ග්‍යුයි ජේයි හිටියෙ නිකීලගෙ යුනිවර්සිටි එක පාස් කරලා කිලෝමිටර් 5ක් දුරට ආවාම හම්බෙන සීජුන්ග් මේන් රෝඩ් එකේ..

@sijung main road

Jay : බොම්ග්‍යු ! අයි සේ බොම්ග්‍යු !!!!

beomgyu : ආ.හ්..යෙ..යේස් සර් ??

මෙහෙයුම කෙසේ වෙතත් බොම්ග්‍යු කාර් එකට වෙලා හොදට නිදි කිරනවා..

jay : අපි දැන් පැය ගාණක් බොරුවට රස්තියාදු වුනානෙ ?? ආපහු යමන් ඔෆිස් එකට ! අපි මෙතන ඉදලා වැඩක් නෑ !!

beomgyu : අයියෝ..ඕක කලින්ම කීවනම් මං මෙච්චර දුර ඩ්‍රයිව් කරන්නෑනෙ !?

එහෙම කියන් බොම්ග්‍යු ආයෙම කාර් එක හරවලා එයාලගෙ ඔෆිස් එකට යන්න පිටත් වුණා..ඇත්තටම ජේ කියන්නෙ බොම්ග්‍යුලගෙ  ලොක්කා..ගොඩක් විශේ‍ෂ කේස් බාරව වැඩ කරන එයා ගොඩක් වෙලාවට ඉන්නෙ වෙස් වලාගත්ත ස්වරූපයෙන්..

මේ අතරෙ y/n සේජි එක්ක ඩොන්ග්ප්‍යොගෙ තනියට එහෙට වෙලා හිටියා..

@saeji's house

saeji : ඒ හලෝ..කාගෙන්වත් උත්තරයක් නැද්ද??දැන් රෑ දොළහටත් ළගයි..මට නම් දැන් බයත් හිතෙනවා..

y/n : නෑ හලෝ..අනේ එයා හොදින් ඇති නේද??මගෙයි වැරැද්ද..මට තිබුනනෙ එයාට යන්නම් කියලවත් එන්න...ජේමින් සර් කීවෙත් නිකී කැන්ඩ්ල්ස් ගේන්න ගියයින් පස්සෙ එයාව දැක්කෙ නෑ කියලා..

saeji : එතකොට කැන්ඩ්ල්ස් ?

y/n : නිකී ඒවා වෙන යාලුවෙක් අතේ එවලා තිබුනලු...ඒ හලෝ..පොඩ්ඩක් බලන්න මෙයා දිහා?මට නම් පේන්නෙ එයා ගොඩක් අමාරුවෙන් ඉන්නවා වගේ..

මේ වෙලාවෙ සේජියි y/nනුයි දෙන්නම හිටියෙ ඩොන්ග්ප්‍යොගෙ රූම් එකේ..ඒ වෙද්දි ඩොන්ග්ප්‍යොට යන්තම් නින්ද ගිහින් තිබුනත් අර දෙන්නා නම් හිටියෙ නිකී ගැන කතා කර කර..

saeji : අනේ y/n ! ඔන්නි තාම නෑනෙ..සමහර විට අද එයා හොටෙල් එකේ නවතියිද දන්නෑ..යාලුවෝ සෙට් වුනාම එයාලා ගොඩක් වෙලාවට ඒ දවසෙ හොටෙල් එකක ඉදලා අනික් දවසෙ තමා ගෙදර එන්නෙ..දැන් නම් මට තවත් බය හිතෙනවා..මෙයාගෙ ඇගත් දැන් ගොඩක් රස්නෙයි..

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now