🔵 feels better

33 13 10
                                    

Niki : ජෝ ? ඔයා රිකීද?? මගේ මල්ලි??

jo : රිකී? හ්‍යුන් ! මට සමා වෙන්න !! මම හන්බින් හ්‍යුන්ලා එක්ක ජීවත් වෙද්දි එයාලා මගෙ නම වෙනස් කරලා මොකද එයාලව මට හම්බෙද්දි මට මොකුත් මතක තිබිලා නෑ එතකොට මම ගොඩක් පොඩි නිසා..ඒත් දැන් දැන් මට තේරෙනවා ඒ කාළෙ වුන දේවල්....

ජෝ එහෙම කීවෙ ඇස් දෙකේම කඳුලු පුරවගෙන..

niki : රිකී ‍! එදා මොනවා වුනත් ඒවා දැන් අමතක කරන්න.අපි ආයෙ හම්බුනානෙ..ඔම්මා..අප්පා..නූනා..එයාලා අපිව හොයාගෙන ඒවි..අපි බලන් ඉමු.ඊටත් වඩා අපිට ලස්සන පවුලක් තියෙනවා  දැනටමත්...

නිකී ඒ කීවෙ එන්හා ඩෝම් එක ගැන..ඒක තමා එයාලගෙ පවුල...ටික වෙලාවක් යනකන් එයාලට ගොඩක් දේවල් කතා කරන්න ලැබුණා.මොකද එයාලා හම්බුනේ කොච්චර කාලෙකට පස්සෙද...

y/n : ඒහ් ?? සේජි නේද ?? ඒ සේජි ???? සේජියා !!

ඒ අතරෙ හදිස්සියේම හොස්පිට්ල් එකට ආපු සේජිව අහම්බෙන් වගේ දැකපු y/n කෑගහගෙනම එයා ළඟට දිව්වෙ සේජි ඒ වෙලාවෙ ගොඩක් කලබලෙන් ඉන්න විදිය දැකලා..

saeji : y/n ! ඉ..ඉක්මනට එ..එයාව බලන්න !!

y/n : ඒ සේජි !!!!! ඩොක්ටර් ‍! දැන් ගෙනාව ළමයා කොහෙද??

doctor : එයාව I.C.U දැම්මා මිස් !! ඔපරේෂන් එකක් කරලම බලන්න වෙයි..ඒක දැන් ගොඩක් දුරට පැතිරිලා තියෙන්නෙ....

එහෙම කියාගෙන ඒ ඩොක්ටරුත් හදිස්සියෙන්ම ඒ පැත්තට ගියේ මේක හදිසි වෙලාවක් නිසා..

එක ප්‍රශ්නෙකින් නිදහස් වුණ ගමන් y/nලා තවත් ප්‍රශ්නෙක හිර වුනේ කවදාවත් නොහිතපු විදියට..

jake : සේජි ! සේජි !! ඔයා මෙහෙන් වාඩි වෙන්න ! ඉස්සරලා ටිකක් සන්සුන් වෙලා ඉන්න..ඩොක්ටර්ස්ලා කීවනෙ එයාව බේරලා දෙනවා කියලා..

ඒත් එක්කම ජේකුත් කොහෙදෝ ඉඳන් එතනට දුවගෙන ආවෙ ටී ෂර්ට් එක පුරාම ලේ ගාගෙන..

y/n : ජේක් ඔප්පා !?

jake : ඔව් මම තමා අරන් ආවෙ ! y/n ! මම එහෙට යද්දිත් එයා ගොඩක් අමාරුවෙන් හිටියෙ..y/n ! ඩොක්ටර් මොකද කීවෙ?

y/n : ඔපරේෂන් එක කරලම බලමු කීවා..ඔප්පා ඔයා සේජි එක්ක ඉන්න.මම ඒ පැත්ත බලලා එන්නම්.

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now