🟢meet again ✍️

57 21 49
                                    

y/n : මම??

jay : අව්වට පායන පෑයිල්ලට පොළොවට වැටෙන එක වතුර බි‍ංදුවක් වුනත් හරි සිසිලයි..

y/n : ඒ සිසිලත් එක්ක විකසිත වෙන මල් කැකුළුවල පිවිතුරු බව අපේ ආදරේ සංකේතවත් කරයි....

jay : ඔයා කොහෙද මෙච්චර කල් හිටියෙ ??? ඇයි මට ඔයාව දුනගන්න මෙච්චර වෙලා ගියේ...මගේ ප්‍රින්සස්...අයි..අයි ලව් යූ !!

නිකී ගැන විස්තර හොයන්න y/nව හොයන් ගිය ජේට ඒ වෙලාවෙ ඊටත් වඩා ලොකු දෙයක් සිද්ධ වුනේ ගොඩක් ආදරනීය විදියට...

ජේ ටික වෙලාවක් y/nව හග් කරන් කදුලු පිට කළේ එයා y/nව කලින් ඉදලා අඳුනන කෙනෙක් නිසා...ඒත් මේ වෙනකන් එයාලා ගොඩක් කාලෙකින් මුණ ගැහිලා තිබුනෙ නෑ...

y/n : ඔප්පා !! ලව් යූ ටූ...මට ගොඩක් සතුටුයි අපි ආයෙ හම්බුනු එකට... එදා මට ඔයාව මිස් වුණා..මං ටිකෙන් ටික තනියම ජීවත් වෙන්න පුරුදු වුණා..දැන් මං ගොඩක් ලොකුයි...

jay : ඒ දේවල් අමතක කරන්න.ඔයා හොදින් ඉන්න එක ගැන මට ගොඩක් සතුටුයි..ආයෙ කවදාවත් මගෙන් ඈත් වෙන්න එපා..අපි යමු ආපහු ගෙදර...

ඒ දෙන්නා ගොඩක් වෙලා පරණ මතක අවුස්සලා එයාලගෙ මතකයන් ආපහු ළං කර ගත්තා..

y/n's pov

මීට අවුරුදු තුන හතරකට කලින් මං ජීවත් වුනේ එයා එක්ක..එයාලගෙ ගෙදර හිටියෙ එයයි ඔම්මයි විතරයි..එයාට මාව හම්බුනේ මම අතරමං වෙලා ඉන්න වෙලේක..මගෙ බාරකාරයෝ කාවවත් මට මුණ ගැහුනෙ නැති නිසා එයා නීතියෙන් මාව එයාලගෙ පවුලට ගත්තා..ඒත් මගේ අවසනාවට ඊට ටික දවසකට පස්සෙ මට එයාගෙනුත් වෙන් වෙන්න සිද්ධ වුණා..මගේ අප්පා කියලා කෙනෙක් ඇවිත් මාව එහෙන් එක්කන් ගියත් ජේ ඔප්පා ඒ දේවල් දැනන් හිටියෙ නෑ..මම එයාට නොකියා ඒ අප්පා කියලා ආපු කෙනා එක්ක යන්න ගියා..ඒත් එයා ඒ බොරුවක් කරලා තියෙන්නෙ.අන්තිමට මම එයාගෙන් ගැලවිලා ආයෙම මහ පාරට ආවත් මම ආයෙම දන්නැති දිහාවක අතරමං වුණා..අන්න එදා තමයි මට නිකීව හම්බුනේ..එදා එයා මගෙ කඳුලු පිහලා මාව පාක් එකට එක්කන් ගිහින් ටික වෙලාවක් මාත් එක්ක හිටියා.ඒ අතරෙදි තමයි මට මතක් වුනේ ඔම්මා ඉස්සර මට දීලා තිබුනු බැංකු කාඩ් එකක් මං ළග තිබුණා කියලා..අදටත් මම ජීවත් වෙන්නෙ ඒ සල්ලි වලින්..ඔම්මයි අප්පයි මං චූටි කාලෙදිම මගේ කාඩ් එකට සල්ලි ගොඩක් දාලා තිබුනෙ මගෙ අනාගතේට ප්‍රයෝජනයක් වෙන්න කියලා.මගේ වාසනාවට තමා එදා ඒක මං ළග තිබුනෙ..

The hidden secret of a mistake [Enhypen] ☑Où les histoires vivent. Découvrez maintenant