P𝚊𝚛𝚝 0️⃣5️⃣

858 142 16
                                    

ඔහු හා වාද කර එකේ තේරැමක් නැති බව අත්දැකීමෙන් දන්නා ජානුල්‍ය ඔහුගේ උරහිසට තට්ටුවක් දමමින්.....
එතනින් නැගිට්ටේ තම රාජකාරි වේලාව අවසන් වීමට ආසන්න නිසාවෙන් තව එක් වරක් රොහල් වාට්ටුව ටිකක් පිරික්සිමට යාමටයි..

***********************




🍁#තෙවාන්

කාලය හීයක වේගයෙන් ගෙවී ගියේ තෙවාන්ගේ අවසන් තරඟ දිනය උදා කරමින්,

ජානුල්‍යට ස්තුතී වන්ත වෙන්න ප්‍රථම තරඟය සඳහා සහභාගි වීමට පාදය සැහෙන දුරට සනීප කරගැනිමට හැකි විම නිසා එම දින කීපය තෙවාන් ගෙව්වේ පුදුම තරම් සැනසීමකින්.

කාමර දෙකකින් යුක්තව අංගසම්පුර්ණව නිමවා ඇති ජානුල්‍යගේ නිවසත්,
අලංකාර නිස්කලංක වටපිටාවත්,
තමන්ගේ වැඩ සදහා යාමට ඒමට ඇති පහසුවත්...
වැඩි කතාබහක් නොමැති වුත් ජානුල්‍ය සතු වු හොද ගතිගුණත් නිසාවෙන් .....
නවාතැනක් සොයා ගැනිමේ ගැටළුවට තිත තබමින් මාසිකව යම් මුදලක් ලබා ගන්නා පොරොන්දු පිට ජානුල්‍යගේ නිවසේ රැදි සිටිමට තෙවාන් තිරණය කලේ ,
ඇත්තේම ඔහු කැමති ආකාරයට සියල්ල තිබු නිසාවෙනි..

**********************

" සහේශ් !.....සහේශ් ....! "

සුව නින්දක සමවැදි සිටි ජානුල්‍යට තම නින්දට සමු දීමට සිදු වුනේ තෙවාන්ගේ හඬටයි...
තමා දන්නා සියල්ලම තමාව ජානුල්‍ය ලෙස අමතද්දී
ඔහු තමාට සහේශ් ලෙස අමතන විට ජානුල්‍යට දැනුනේ නුහුරක්...
ඇරත් එහෙම නමක් තමාට තිබෙනවාද යන්නත් අමතකවයි ඔහුට තිබුණේ ........

" එන්න අකීල්..."




" Good Morning සහේශ් !
හැබැයි අකීල් නෙවේ මගේ නම ආකීල්..."



"......."


ජානුල්‍ය කලේ පිළිතුරු දීම වෙනුවට මදක් සිනා වීම පමණයි..



" Good morning
අකීල් ආවේ ? "




" ආහ්...ඒකත් අමතක වුනා,
මං යනවා කියන්න ආවේ.......අද මගේ final රේස් එක,
මෙන්න මෙතන ටිකට් දෙකක් තියනවා ,
වෙලාවක් තිබුනොත් ඇවිත් යන්න "

තමා දෙසට දිගුකර සිටි ටිකට් පත් දෙස බලා මොහොතක් කල් මැරැ ජානුල්‍ය එය තම සුරතට ගත්තේ තෙවාන් අපහසුතාවයටක පත් කිරිමට නොහැකි නිසාවෙන් ......

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now