පැය ගණනක් ඔහුගේ රුව වෙනුවෙන් දැස් දල්වා සිටියත් ඔහු නොමැතිව වූයේන් ,
සුවයක් නැතත් ජානුල්‍යගේ දෙනෙත් පියවුනේ අධික ගත විඩාව හේතුවෙන් ...___________________
සිදු කල එකදු පරික්ෂණයක හිතට සහනයක් දෙන ප්‍රතිඵල නැති තැන,
අත තිබු වාර්ථා අභින්ස පසෙකට විසි කලේ ඔළුවට දැනෙන බර එන්න එන්න වැඩි වෙද්දීදෑස් පියන් අසුනට බරව සිටි ඔහුට මතක් වුනේ එදා ඔහුගේ මවගේ හා පියාගේ වදන්
**********
" ජානුල්‍ය දරුවට කරන්න කිසිම වෙන ප්‍රතිකාරයක් නැද්ද පුතේ......
ඒ අහිංසකයාගේ අම්මා තාත්තා අපේම පවුලේ අය වගේ......මට අද වගේ මතකයි ඒ දරුවගේ අම්මා අන්තිම මොහොතේ අපෙන් ඉල්ලුවේ කොල්ලව බලාගන්න කියලා "" අපි පුළුවන් හැම දේම කරනවා අම්මා ...."
" ඒ දරුවාට මෙහේ් එන්න කියන්න පුතේ, තනියම හිටියා ඇති දැන් ,
හදිසියේ අමාරුවක් වුනොත් එහෙම කවුද ළඟ ඉන්නේ "" මං හැමදාම ඕක කියනවා , ඒත් ජානුල්‍ය කොච්චර කිවත් එන්න කැමති නැ අම්මා .....
මටත් වෙලාවකට පිස්සු වගේ, සහෝදරයෙක් වගේ ඉන්නේ මට ඌ විතරයි "" අභින්ස ......
පුතා ! "" තාත්තා ? "
" ඔයාට පුළුවන් හැමදේම කොල්ලා වෙනුවෙන් කරන්න දරුවෝ,
මාත් මගේ කීපදෙනෙක්ටම ඒ ගැන කියලා තියෙන්නේ ....
මොන රටකට හරි අරන් ගිහින් කොල්ලව සනීප කරගන්න පුළුවන් නම් සනීප කරමු. "" හරි තාත්තා ..දැනට අපි කරන්න පුළුවන් ට්‍ර්ට්මනට් පටන් අරන් තියෙන්නේ "
" අම්මයි මායි ජිවිතේ අමාරුවෙන්ම ගෙවපු කාලේ , එයාලගේ තාත්තලා අපිට කරේ වචනයෙන් වත් විස්තර කරන්න බැරි තරම් උදව් පුතේ.. "
" ඔයාලගේ අම්මා ඔයාව හම්බවෙලා දවස් ගානක් හිටියා සිහිය නැතුව,
ඒ කාලේ මං හිටියේ පිස්සෙක් වගේ.........
ඒ දවස් ටිකට ජානු පුතාගේ අම්මා එ් දරුවා එක්කම ඔයාවත් බලාගත්තේ එයාගෙම දරුවෙක් වගේ,"
YOU ARE READING
🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete )
Romance🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක ....... 🥀