P𝚊𝚛𝚝 0️⃣7️⃣

802 135 18
                                    


ඔහුගේ ඇගෙන් අසාමාන්‍ය උණුසුමක් දැනුන හෙයින් ,
තෙවාන් තම අත ඔහුගේ නලල වෙත තැබුවේ ගැහෙන හදින් යුක්තවයි ..

─❥─❥─❥─❥

" සහේෂ් .....! මාව ඇහෙනවාද "


" අ..කී..ල් "


" සහේෂ්....ඔයාට හොදටම උණ,
අපි බෙහෙත් ටිකක් අරන් එමු ම්ම් ? "



" මේක ඇරිලා යයි අකීල් .....සමහර විට මහන්සියට වෙන්න ඇති "

ඒ හඬ කෙදුරුමක් ව⁣ගේ වෙද්දි ,තෙවාන්ට දැනුනේ දුකක්....
මෙතෙක් වෙලා ඔහු ගැන අවධානයක් දෙන්න බැරි වුන එක ගැන පසුතැවීමක්...


" එහෙම කියලා බැ ශේෂ්...
අඩු ගෙදරවත් මොකුත් නැද්ද ටැබ්ලට් ගන්න "

ජානුල්‍ය කී පරිදි පැරසිටමෝල් එක්ක තව මොනවද ටැබ්ලට් වගයක් සොයා ගත් තෙවාන් ,
ජානුල්‍යව සයනයේ පහසු ඉරියව්වෙන් ඉන්දවා ගියේ ඔහුට හිස් බඩින් බෙහෙත් ලබා දීමට නොහැකි වුයෙන් කුමක් හෝ ආහාරයට සාදන්නයි..

වේලාවේ හැටියට ලොකු දෙයක් වෙනුවෙන් නාස්ති කරන්න කාලයක් නැත් බැවින් ඔහු ජානුල්‍ය වෙනුවෙන් කැඳ ටිකක් සැදුවේ නොසන්සුන් මනසකින්..

තමන් වගේ නොව ඔහු ඉතා පරීක්ෂාකාරී අයෙක් වෙද්දී ඔහුගේ අසනිප වීම තෙවාන්ව කැලඹිමට සමත් විය.

අනික ඔහු වෛද්‍යවරයක්..



" හේෂ්...! මේක බිලා බෙහෙත් ටික බොමු "

කැඳ බඳුන ඔහු වෙත පාමින් තෙවාන් ඔහුගේ සයනයම මතම වාඩි වුයේ මලානික ඒ වත පුරා දැස් ගෙන යමින්..



" තැන්ක්යු අකීල් .......!
ඔයාටත් කරදරේ..."

ඒකටනම් තෙවාන්ගේන් ලැබුනේ සීතල රැවුමක්..



" ඇයි එකපාරටම ...?? "

ඔහු මේ කරණු විමසන්නේ, ඔහුගේ අසනීප වීමට




" මහන්සියට වෙන්න ඇති...! "




" ඩොක්ටර් කෙනෙක් වෙලත් ඔයාට ඒ ගැන ගානක් නැද්ද ආ..."

ජානුල්‍ය කලේ එයට සිනාසීමයි


" ඩොක්ටර්ස්ලා ලෙඩ වෙන්නේ නැද්ද අකී..."



🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now