P𝚊𝚛𝚝 1️⃣7️⃣

635 105 13
                                    

මේක දෛවයද ඉරණමද අහම්බයක් ද මං දන්නේ නෑ......
කොච්චර දුර යන්න ගියත් කොච්චර මගාරින්න හැදුවත් , අවසානයේ කැරකිලා නතර වෙන්නේ ඔහු ළඟ,
මේ දැස් මත්තට ඔහු ඇවිදින්....

⁣ආවේ නෙදීෂ්⁣ගේ ව්‍යාරික මිතුරෙක්ගේ සාදයකට, නමුත් ඔහුත් අද මෙතන...

මං දැක්ක පාරද කොහෙද ඒ ඇස් ගැස්සුනා මං බලාගෙන,
ඒ රුව වෙනදට වඩා අද කඩවසම්...නමුත් දැඩි පෙනුමක් ඒ වතෙන් දිස් වන්නේ ........

මං ඒ දෑස් ⁣වල හෙව්වේ එදා මං වෙනුවෙන් දැක්කා ආදරය ........
ඒත් ?
මට තේරෙන්නේ නැ ඒ ඇස්වලින් කියන කතාව.. ඒ ඇස්වල තියන හැගීම....
ඉස්සර හරි ඉක්මනින් කියවන්න පුළුවන් ඒ තරු ඇස්වලින් අද හරි ගුප්ත බවක් පෙන්නේ...

' ඔයාට ඒ ඇස්වල ආදරයක් පේනවාද අකීල් ,
නෑ නේද ? ..... ඒ ඇස් වල ආ ද ර ය ක් නෑ අකිල් '

නෑ.....මට ඕනි නැ මොළය කියන ඒ කතාව පිලිගන්න , ඒදා මං ඒ ඇස්වලින් දැක්කේ හරි පරිස්සම් ආදරයක් විතරයි .........
ඔව් මට ඒක විස්වාසයි..

හිත මටම අවනත නොවී ඔහුටම ලොභ බදිද්දි ........ මං තරවටු කරේ මගේ හිතට,
ආයේ ආයේ හිතට මතක් කරලා දුන්නේ ඔහු මා රැවටු හැටි.....

සමහර තීරණ තියනවා හදවත කොච්චර කීවත් මොළය කියන දේ විතරක් අහලා ගන්න වෙන,
ඒත් සමහර වෙලාවල් තියනවා එහෙම ගත්තු තීරණ වරදින .....

මං දන්නේ නැ මං අද පිළගන් ඕනි හදවත කියන දේද එහෙම නැත්නම් බුද්ධිය කියන දේද කියලා.

__________________🖋️

#සහේෂ්

විහස්ගේ වැඩිමහල් සොයුරාගේ මිතුරකුයි නෙදීෂ් ......
නමුත් සිතුවේ නෑ අද ඔහු සමග මොහුත් පැමිණේවි කියා,

ආ ද ර ය කියන වචන හතර හදවතේම විලංගු දාගෙන හිරකර ගත්තේ එදාමයි..
ඒත් ඔහු අභියස විලංගු ලා වුන් ආදරය ඉබියතුරු නැතිවම බිදී ගොස් උඩට මතුවන හැටි පුදුමාකාරයි....

දැනටමත් වේගවත්ව නොසන්සුන් වී ඇති හදවත එයට සාක්ෂියක්...

නමුත් එයට ඉඩ දිය නොහැක..
ඔහු අසල තම හදවත දියාරු වී යාමට ඉඩ දීමට හැකියාවක් නැත.

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now