P𝚊𝚛𝚝 0️⃣6️⃣

831 147 10
                                    

තම ගෙල මත හිස තබා කියවන ඔහුගේ සුසුම් නිසා දැනෙන නුහුරුව නිසාවෙන් ජානුල්‍යට අවශ්‍ය වුයේ ඉක්මන් එතනින් ඉවත් වීමට වුවත් තෙවාන්ගේ දැත් ඔහුගේ ගත වටා තදින් වෙලුනේ ජානුල්‍යට හෙලවිමටවත් නොහැකි වන ලෙසයි...

┄ॱ॰⋆❀❀❀┈এ⁰ ┈┈┄┈┈


🍁#ජානුල්‍ය




තමා අද එතරම් වෙහෙස වුයෙත් නැතුව ඇගට දැනෙන
අධික වෙහෙස නිසා ජානුල්‍ය තම කුටියට පැමණියේ මදක් විවේක ගැනිම අරමුණින්...

බෙල්ල තෙක් පියවා තිබු ශර්ටයේහී ඉහල බොත්තම් දෙක ගලවා දමා මදක් ලිහිල් කර ගත් ජානුල්‍ය වායූ සමිකරනයේ අගය වැඩි කලේ , තම ගත අසාමාන්‍ය ලෙස දහදියෙන් තෙත්වන බව දැනුනු නිසාවෙනි...

කුටියේ සිසිල් බව වැඩිවෙත්ම ගතට දැනුන සිසිල් බව නිසා අසුනේ මදක් පසුපසට වී ජානුල්‍ය දැස් පියාගත්තේ
ඒ සිසිල් බව සිත්සේ විඳගනිමින් .......

" ජානුල්.....ය ඔ....."

ඉතින් තම නිදහස අවසන් නොවේද...?

කුටියට ඇතුළු වුයේ මනීෂා .........

නමුත් ඇය කියාගෙන පැමිණි දෙය නතර කර හිටිවත්ම ජානුල්‍ය දෙස බල ඉන්න විය..
ඇරත් ඇයගේ බැල්ම යොමු වී තිබුණේ ,
ජානුල්‍යගේ ශර්ටය විවරව විවෘත වී තිබු ගෙලත් පපුව දෙසටත් වෙද්දී ,
දැනුන අපහසුතාව මැඩගන්න මෙන් ජානුල්‍ය එය අතින් සකසමින් අසුනේ කෙලින් විය.


" ක්..හම්.....ම්ම්..........
මිස් මනිෂා ආවේ ? "



" අ....හ්......අ.....ම්..
මේ .....? මං... ආවේ......
ජානුල්‍ය එකපාරටම වෝඩ් එකේ ඉන්න ගමන් ආව නිසා මං ආවේ ඇයි කියලා බලන්න "




" පොඩි රෙස්ට් එකක් ගන්න ආවේ මනිෂා....
ටිකක් මහන්සි වගේ,
හදිස්සියක් වුනොත් කතා කරන්න ........
මං ඉන්නේ රූම් එකේ "


" ඕකේ..ඩොක්ටර් ජානුල්‍ය ......
කෝපි එකක් වත් බොන්න යන..ව..ද ?



" තැන්ක්ස් ⁣ඩොක්ටර් මනිෂා...දැන් බෑ.."

යන්න ගිය ඈ නැවත හැරුණි...




" ජානුල්‍ය .....! ඔයාට මට මොකුත් කියන්න නැද්ද ?

මේ මොන කෙහෙම්මලක් ද.... නිදහසේ ඉන්න එතනින් ආවම, මෙතනත් ඇවිත්....

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now