P𝚊𝚛𝚝 1️⃣4️⃣

676 113 18
                                    

ඔහු තුරුලට අරන් සනසවන්න, අඩන්න එපා කියන්න .
ඉවසන්න කියන්න ......
ඔහු ළඟ කවුරුත් නෑ,
අද මේ මහ රෑ කරැවලේ තෙමි තෙමි හඩන ඔහුව සනසන්න ඔහුගේ ආදරයවත් ළඟ නෑ..

" ජානූ !! "

ඇවිත් හිටියේ අභින්ස , ජානුල්‍යගේ වෛද්‍යවාර්ථාව ගැන දැන ගත්ත ගමන් ඔහුගේ ගියේ නිවසට.
නිවසේ තියන පාළුවක් එක්ක හිතට දැනුන අමුත්ත නිසා අනුමානය අනුව ඔහු කෙලින්ම පැමිණියේ මෙතනට..

හඬා වැටෙන ඔහුව නතර කරන්න ඕනි වුනත්,
හිතේ දුක අඬලා හරි පිටකරන්න ඉඩ හැරියේ ඒකයි......

අභින්ස තාමත් හිටියේ ඔහුට අහුන දේවල් විස්වාස කරන්න බැරිව...
ඔහුත් වැස්ස නොතකා සියල්ල ඉවසා සිටියත්, මේ වැලපීම සිත් පිත් ඇත්තෙකු තවත් කෙසේ ඉවසන්නද ?


" අ...භී...? "

වාඩි වු අභින්සගේ උරහිසට වාරු වු ජානුල්‍යගේ ඉකිගැසිම තවත් වැඩි වුනේ .....
සමහර විට තමන්ගේ කියලා කෙනෙක් දැක්කම දුක වැඩි වු නිසා වෙන්න ඇති,

" මං අහන්නේ නැ ජානු ඇයි ඒ දේ මගෙන් හැංගුවේ කියලා ....
ඒකට උඹට හොද හේතුවක් ඇති කියලා මං දන්නවා "

" අපි දැන් යමු ම්... ඔහොම ඉන්න එපා බං ..
මට බලන් ඉන්න බෑ.."



" ම..ගේ කොල්ලා පව් අභියා , එයාට ගොඩක් රිදෙන්න ඇති ! "




" උඹ පව් නැද්ද ජානු..!
මෙහෙම කඩා වැටිලා මැරෙන්න තරම් අඬන උඹ පව් නැද්ද ....
වෙච්ච දේ හරියටම නොදන්නවා උනත් ඌ දැන් ගිහින් ඉවරයි ජානු "





" එයා අසාධාරණ නෑ අභි.....
මගේ කොල්ලා අහිංසකයි,
ඒ ම⁣..ගේ හු..ස්...ම ටික අභි ! "


'එච්චර ඌව උඹට වටිනවද ජානුල්‍ය .....'

අභින්ස අහුවේ ඔහුගේ හිතෙන්

" යන්න කලින් එයාට තිබුනා ජානු ටිකක් අහගෙන ඉන්න ........
මට කියපන් ජානු... හරියට හිතලා කියපන්,
උඹට ඌව ඕනිනම් , මං මොන අපායකට ගිහින් හරි කොල්ලව උඹේ ලගට ගෙනත් දෙන්නම් "



"........."


" මොකුත් හිතන්න එපා ජානුල්‍ය , අපි යමු ම්ම්....
මං ඉන්නවානේ අපි ඉක්මනින් සනීප වෙමු ⁣...
කෝ ..! ඉතින් හොද කොල්ලා වගේ නැගිටපන්කෝ "



🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now