P𝚊𝚛𝚝 1️⃣9️⃣

663 103 7
                                    

අකීල්ගේ දෙනෙත් නැවත තෙත් වන්න වුයේ ඔහුගේ ජංගම දුරකථනයේ ඉදිරිපස පිංතුරය දුටු විටයි....

ඔහුන් දෙදෙනාගේ සෙල්ෆි ඡායාරූපයක්....

මේ ඔහුන් සතුටින්ම සිටි කාලේ නොවෙද ?

_____________🖋️

වේලාව රාත්‍රි අටේ කනිසම වදිද්දි තවමත් අකීල් ඉන්නේ කාර්‍යාල කුටියේන් එපිටට නෙත් අල්වා කල්පනා බරිතවයි...

නිමක් නැතිව එක සීරැවට ඇද හැලෙන මුරුගසන් වැස්ස අකීල්ගේ හිතට ගෙනවා ආවේ මුසල පාළුවක්..

" තෙ...වා...න් !!! "

අකීල් තිගැස්සුනේ ඒ හඬට,

" අ  භි  න්  ස් ? "

අකීල්ගේ දැස් පුදුමයෙන් මහත් වුයේ ඇවිත් සිටි දෙදෙනා දකිද්දි .....
සහේශ්ගේ මිතුරා සහ ඔෆිසර් විහස්....
ඔහුන් කුමක් නිසාද මේ රාත්‍රියේ තමා සොයා පැමිණියේ .

" ..........."


" Take a sit , Abhinsa "



" No need, ජනා කොහෙද ඉන්නේ ? "



" මට තේරුණේ නෑ..? අභින්ස ඔයා කියන දේ "



" මං ඇහුවේ ජානුල්‍ය කොහෙද ඉන්නේ කියලා ,"

අකීල් මද වේලාවක් නිහඬව සිටියේ , ඇත්තටම සහේශ්ව තමන් රැගෙන් ආ බවක් කවුරුත් නොදන්නා නිසා..


" කොහොමද දන්නේ එයා හිටියේ මං ළඟ කියලා ? "







" විකාර කරන්න එපා මිස්ටර් තෙවාන් ......
එයාගේ මොබයිල් ලොකේශන් පේන්න්නනේ මෙහේ,
අනික මොනවද මෙතන වෙන්නේ කියනවද මට "





" එයාගේ මොබයිල් එක මං ලග තමා තියෙන්නේ ,
ඒත් සහේශ් ගිහින් ගොඩක් වෙලා "



" මොකක් ?......
මෙනවාද අයිසේ තමුසේ මේ කියන අග මුල නැති බයිලව..."

මෙතන වෙන දේ ගැන කිසි තේරැමක් නැති නිසා අකීල් මුල ඉදන් විස්තර කලේ වෙච්ච දේ...



" මොකක් ද යකෝ උඹ කීවේ...?  උඹට ඌගේ ජිවිතේ සෙල්ලමක්ද    බ#%¥®£ .......
ඌට මොනවාහරි වෙලා තිබුනොත් සත්තයි මං උඹව මරනවා තෙවාන් ! "

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now