P𝚊𝚛𝚝 2️⃣4️⃣

772 114 9
                                    

හොටෙල් කාමරයේ ඇති කුඩා ශිතකරණයෙන් බියර් කැන් එකන් ගෙන එය මදින් මද  හිස් කරමින් අකීල් ආවේ කාමරයට අල්වා තියන සදළුතලයට....
උඩුකය නිරැවත් ඒ ගත හිරිවට්ටන්න අවට සීතලට හැකි වුවත් අකීල්ට එය ගානක් නොවිය...

මංද ඔහුගේ හිත උණුසුම් .

ඔහු දන්නවානම් සහේශ් දැන් ඉන්නේ රෝහල් සයනක කියලා........
මේ උණුසුම තියේවිද ?

____________🥀



#අකීල්

ගෙවුන රාත්‍රිය දිගු රාත්‍රියක් කියලා අකිල්ට හැගුනේ.....
සමහර  විට ඔහු එම රාත්‍රිය පුරාම නොනිදා පහන් කල නිසා විය හැකි.

ව්‍යාපාරික හමුව යොදාගත් පරිදි  සිදුවෙමින් පවතින අතර තුර සිව් වන පාරටත් ඔහුගේ දුරකථන නාද දෙන්න විය.....

බැරිම තැන මදකට අවසර ලබාගත් අකීල් ඇමතුම හා  සම්බන්ධ විය..
විශේෂයෙන් මෙය නොදන්නා අංකයක් බැවින් අකීල් හිටියේ මද නොරිස්සුමකින්..

" Hello "


" Hello .. Mr.Akeel Senadeera ? "

අකීල් මදක් කල්පනාවට වැටුනේ කතා කරන කෙනා දන්න කෙනෙක් නොවන නිසා.....
අනික ' අකීල් ' ලෙස තමාට අමතන්නේ ඔහු පමණක් නිසා.
ඔහුට දැනුනේ කුතුහලයක් ?

" Yes Speaking "





" .............*




"  Yah...Sure , මං දැන් ඉන්න වැඩේ ඉවර වුන ගමන් එන්නම් "




* ........"




" Ok. thanks Mr. Ayan "


ව්‍යාපාරික කටයුත්ත සාර්ථකව අවසන් කල.අකීල් කැබ් රියක් අමතා හැකි ඉක්මනින් එතනින් නික්මුනේ තමාට ඇමතු පුද්ගලයා පැමිණෙන්න කියු ස්ථානයටයි.

නගරයට බොහෝ දුරින් පිහිටි ඒ තැන අකීල්ගේ හිත ගන්න සමත් විය.
ටිකක් උස් භුමියක ඉදි කර ඇති තනිමහලේ කුඩා නිවස
හරියට කන්දක් මුදුනේ පිපන බිම්මලක් වගේ......

අකීල්ගේ නිවස ඉදිරිපිට දුටුවේ තමන්හා සම වයස කිව හැකි තරුණයෙක්

" Hi Akeel , මං අයාන් .......
එන්න ඇතුලට "



" හායි....... ඇතුලට වඩා එළිය හොදයි වගේ "

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now