P𝚊𝚛𝚝 1️⃣8️⃣

657 107 12
                                    

අභින්ස එසේ පිටවුයේ විහස් සොයාගෙන..
දින දෙකක නිවාඩුවක් අනුමත කර⁣ගෙන ජානුල්‍ය පිටව ගොස් තිබුනත් ඔහුගේ දුරකථන එදින සිට ක්‍රියා විරහිත වීම අභින්සට ගැටළුවක්


______________🖊️



#අකීල්

" අයියේ..!  ඇයි මාව හම්බ වෙන්න ඕනි කිවේ ? "




" චුටි.... ඇයි එදා මට තමුන් මොනවද කියන්න හදලා නොකියා ආවේ..."





" ම්...මො..කු...ත්   නැ   අ යි යේ ?





" බලනවා තමුසේ දැම්මම ගොත ගහනවා ?
නංගී .........මං මේ හොදින් අහන්නේ ඔයාගෙන්, මාව තරහා ගස්සන්නේ නැතුව මට ඇත්තම කියනවා,.
මොනවද එදා කියන්න හැදුවේ ..... "




" අයියේ  ප්ලීස් !! අනේ තරහා ගහන්න එපා ,
මං කියන්නම් "





" හ්ම් "







" අපේ තාත්තා අර වික්ටෝරියා හොස්පිටල් එකේ ඉන්න ෆර්නැන්ඩෝ අංකල් එක්ක මෙනවාහරි වැරදි වැඩක් කරනවා......."




" මොකක් ? තමුන් කොහොමද එහෙම දෙයක් හරියටම කියන්නේ "






" මං හරියටම දන්නේ නැ අයියා ඒ මොනවද කියලා , ඒත් ගොඩක් වෙලාවට තාත්තා ගන්න සමහර කොල් මං හොරෙන් අහගෙන ඉදලා තියනවා ........
මට බයයි අයියා , මට තේරෙන්නේ නැ...."







" පොඩි අයියා දන්නවා ද ඒ ගැන මොකුත් ,
මොකද එයානේ තාත්තා එක්ක  බිස්නස් බලන්නේ "








" පොඩි අයියා බිස්නස් ගැන බලන්නේ තාත්තා⁣ බනින නිසා විතරයි අනේ,
එයාට ඒ ගැන කිසි ගානක් නැ.... ඒකයි මං ඔයාට එන්න කිවේ, "







"......."




" අයියා !
තාත්තාලා කරන දේ  ගැ  න .... ,
මේ....ඒ  හොස්පිටල්  එකේ කෙනෙක්
ද න් න වා   ව ගේ...
ඒ ගැන තාත්තාලාට සැකයක් ඇවිත් කියනවා මං අහගෙන, මං එදා ආවේ ඒක කියන්න "







" ක වු ද  ඒ කෙනා ? "






" මං නම නම් දන්නේ නෑ......... හැබැයි එයාගේ photo එකක් මං   ළඟ තියනවා ,
.............ම්   මේහ්.. මේ ඉන්නේ එයා "






🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now