🍁 End 🍁

1.2K 145 57
                                    


ඒ හඬ බිදිලා........
අයාන් බලාපොරොත්තු වුනා මෙහෙම දෙයක්

" ජස්ට් රිලැක්ස් ආකිල්........
අපි යමු "

__________🥀


#සහේශ්

සහේශ් තාමත් ඉන්නේ අඬ සිහියෙන් ....
පෙර දින රොහල් ගත කල මොහොතේ සිට ඒ මුව වැසි ගිය ඔක්සිජන් ආවරණය තවමත් ඔහුට හුස්ම ගන්න උදව් කරනවා වගේ.....

නිහඬ කුටියේ පාළුව බිදින්නේ ඔහුගේ හදවතේ රිද්මයට සම්බන්ධ කර ඇති යන්ත්‍රයේ හඬ පමණයි.

සහේශ්ට දැනේන්නේ සියල්ල එක තැන නතර වුවා වු හැගිමක් .....
ඒ හදවත තියෙන්නේ අමුතුම කියාගන්න බැරි හිස් බවක්,

මේ නිහඬ බව බිදිමින් කුටියට කවුරුන් හෝ පැමිණි බව සහේශ්ට දැනුනා..

හැමදාම සහේශ්ව මත් කරපු,
ඔහු ලගින් නිතර ආව ආමර් කෝට් සුවඳ .........
එ සුවඳ ඔක්සිජන් අවරණයත් පරදා සහේශ්ගේ මුළු පපුවම පිරෙව්වා.

ඇවිත් ඉන්නේ ඔහු.......
තාමත් පියවි සිහිය හරියට නොලද සහේශ්ට ඕනි වුනේ ඇහැරින්න වුනත් ,
පෙර දින සිට තමාට ලද ඖෂධ නිසා එය පහසු කාර්‍යයක් වුනේ නැ...

ඒ ශරිරය ඉල්ලන්⁣නෙම නින්ද වෙද්දී සහේශ් සිද්ධ වුනා ඒකට ඉඩ දෙන්න



_________❤️‍🩹


#අකීල්

අකීල් සහේශ්ගේ සයන ලගට ඇවිත් දැන් ගෙවි යන්නේ හතළිස්වෙනි විනාඩිය........
තවමත් සහේශ් ලොකු නින්දක ,
ඒ පියවුන ඇස් වලින් විටින් විට පල්ලම් බහින කදුළු බිංදුවටත් අකීල් ලෝභ කරනවා,
ඒකයි එක කදුළු බිංදුවක් වත් කොට්ටේට වැටෙන්න නොදී තමන්ගේ ලේන්සුවට ඔහු එකතු කරන්නේ .......

විස්වාසයි දකින කෙනෙක් ලෝභ කරයි මේ ආදරයට,

' ස..හේ..ශ් , මං ගොඩක් රිද්දුවා නේද ? '

' ඉතින් ..... මෙහෙම ඉන්නේ මා එක්ක තරහා වෙලා නිසාද '


' දන්නවා ද......ඔයා මෙහෙම දකිද්දි මගේ පපුව පැලෙන්න වගේ ස..හේ..ශ්,
තව එක පාරක් සමාව දිලා ඇහැරෙන්න බැරිද ? '

' නෙදීෂ් ........ කොල්ලට ඇහැරෙන්න කි..ය..ප..න්..කෝ ! "


' හරි අමාරුයි බං මේක දරාගන්න '

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now