P𝚊𝚛𝚝 2️⃣2️⃣

666 110 23
                                    

අකීල්

" අංකල් ...!
හදිසියේම මට එන්න කිවේ ? "

" එන්න පුතේ.. ඇතුළට "

" ඉදගන්න දරුවෝ.. ඔයා ඉස්සර වගේ දැන්  අපේ ගෙදර එන්නේත් නැනේ ,
අපේ කොල්ලා හිටිය දවස් වල වගේ "



" අනේ එහෙම කියන්න එපා ආන්ටි,
මගේන් මොකුත් අඩුපාඩුවක්වත් වුනාද ? "


" අනේ නෑ.. රත්ත⁣රනේ ,
අපේ දරුවටත් වඩා ඔයා අපි ගැන හොයලා බලනවා.....
අංකලුයි මායි මෙහෙම හරි ජිවත් වෙන්නේ ඔයා නිසා "



" මේක මගේ යුතුකම ආන්ටී ,
ඔයාලා මගේ අම්මා තාත්තා වගේ..."




" ගෙදර කවුද පුතා දැන් ඉන්නේ ? "


" අම්මයි නංගියි මල්ලියි ඉන්නවා අංකල් ,"



" එතකොට බිස්නස් බලාගන්නේ කවුද දරුවෝ ,
මං හිතන්නේ නැ තාත්තාට ආයිම එන්න පුළුවන් වෙයි කියලා "




" ඔව් අංකල් , එයාට ඉතුරු මුළු ජිවිත කාලේම කරපු පව් ගැන හිතන්න කාලේ ලැබිලා.....
මල්ලිට බිස්නස් ගැන ආසවක් නැ අංකල් එයා කි⁣වා එයාව ඒවගෙන් නිදහස් කරන්න කියලා ......
මං කම්පැනි එක භාරගෙන අනික් ප්‍රෝපටීස් නංගිටයි මල්ලිටයි අම්මටයි බෙදලා දුන්නා..."

" එතකොට ඔයා ආයිම ගෙදර යන්න අදහසක් නැද්ද ? "




" නැ....අංකල් ,.කොහොමටත් ගෙදර එක්ක මට තිබුණේ ගොඩක් දුර සම්බන්ධක් කියලා අංකල් දන්නවානේ .."




" ම්ම්..... මට තේරෙනවා දරුවෝ "



" තෙවාන්  පුතේ !! "



" අංකල් ? "




" මට පුතාගෙන් උදව්වක් ඕනී.."



" කියන්න අංකල් , මොනවද කරන්න ඕනී "



" ඔයා මෙච්චර දවසක් අපේ බිස්නස්  ඔයාගේ දේවල් පැත්තකට දාලා බැලුවේ ......
අනේ දරුවෝ අපිට හදිසියේම ක්ලයන්ට් මීටින් එකක් වැටිලා චෙක් වල ⁣(චෙක් ජනරජය ) , මට මේ අසනිපත් එක්ක එහෙ ගිහින් අමාරුයි .......
අපේ දුවගේ හස්බන්  මේවා බැලුවට එයාට තාම ලොකු තේරුමක් නැ කියලා ඔයා දන්නවානේ.."




🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now