4

46 16 60
                                    

ට්‍රිං ට්‍රිං ට්‍රිං


ජොන්ග් ඉන්ගේ ගෙදර අදත් ඉතිම් වෙනදා වගේම බෙල් එක සුපුරුදු රාජකාරිය පටන් අරන්. වෙන කවුරුත් නෙමේ ඇවිත් ඉන්නෙ බොම්ජු ම තමා.තව ටික දවසකින් ජොන්ග් ඉන්ගේ 89 වෙනි බෙල් එකටත් කාලෙ හරි වෙයි 🙂

Beomgjyu- යාආආආආආආආආආඅ ඕයි මේ දොර අරිනවා. නැත්තම් කඩනවා හරිතේ. අද නම් පරක්කු වෙන්න බෑ යාආආආආආආ

IN- කවුද අනේ මේ ඒපාර නිදා ගන්න ගියා විතරයි. මේ හීටර් එක කැඩිලද අප්පා. ඇයි මෙච්චර හච්චිම් 🤧 අම්මෙ  මේ හච්චිම් ...... උනද මංදා 

ඊයෙ තෙමුන හින්දා ජොන්ගින්ට හොදටම හෙම්බිරිස්සාව හැදිලායි තිබ්බෙ. ඒවගේම හොදටම උන. ජොන්ග් ඉන්ගේ මූන රතු වෙලා ජම්බු ගෙඩියක් වගේ. ජොන්ගින් ගිහින් දොර ඇරියා විතරයි.........

Beomgjyu- මොන මගුලක්ද කරන්නෙ මෙච්චර වෙලා. අර ලී නෝ කාරයා අපිව.... ජොන්ග් ඉන් ? මේ මොකද ඔයාට අසනීපයක් වත් ද 

කොච්චර කේන්ති ගිහින් හිටියත් ජොන්ග් ඉන් කියන්නෙ බොම්ජු ගේ බෙස්ටා විතරක් නෙමේ. එයාගෙ සහෝදරයා එයාට හැමදේකටම වඩා එයාගෙ සහෝදරයා වටිනවා 

IN- නෑ මං හිතන්.....හච්චිම් ..... නේ ඊයෙ තෙමුන හින්දා වෙන්නැති

Beomgjyu- මෝඩයා මං පස්සෙ හොයා ගන්නම්කො කොහොමද තෙමුනේ කියලා. දැං යං doctor කෙනෙක් ලගට 

IN- යා ඒක....හච්චිම්... ගානක් නැ මං ලෑස්ති...හච්චිම්.....වෙලා එන්නම් අපි ස්කූල් යං

Beomgjyu- මෙහෙම යන්නෙ කොහොමද මෝඩයෙක් වෙන්නැතුව ගෙදරට වෙලා ඉන්නවා.

IN- නෑ නෑ මට පුලුවන් 

Beomgjyu- ගියාට පස්සෙ අනේ ඔලුව රිදෙනවා මට බෑ කිය කිය නහයෙන් ඇඩුවොත් නේ

IN- හරි...හච්ස්... මං එහෙම කියන්නෙ නෑ 

Beomgjyu- හරි එහෙනම් එනවකෝ. උන හින්දා බයින්නෑ. අදත් පරක්කුයි 

.........................................................................................

 In school .............

IN- අදත් අර ලීනෝ කාරයා ට මල පැනලද දන්නෑ...හචිස්....

Beomgjyu- එහෙනම් එතෙන්ට ගියාම අපිටත් මල පිටවෙයි

IN- බය කරන්න එපා....හචිස්.....අනේ 

Beomgjyu- නැ නෑ අද අපි ඇත්තම කියමු. සත්‍ය ජය ගනී ලුනේ

LK- ආ බමයි දෙන්නා ඇයි අද බල්ලාට උන ද?

Beomgjyu- බල්ලට නෙමේ සර් මේ මුට

LK- අදත් මාව තම්බන්න හදනවද ආ

IN- නෑ බදින්න හචිස්

ජොන්ග් ඉන්ගේ කටටත් බ්‍රේක් නෑනෙ සගෝ 🙂

LK- මොකක්ද තමුන් කිව්වෙ

Beomgjyu- කට පරිස්සමෙන් ජොන්ග් ඉන්. සර් ට bf කෙනෙක් ඉන්නවා. ඇයි මනුස්සයෝ එදා අපි ගේම් සෙන්ටර් එකට යනකොට එහා පැත්තේ පාක් එකේ , දෙන්නා වෙන ice cream නෑ වගේ එකම ice cream එක කකා හිටියේ මතක නැද්ද

IN- අම්මට ඔව්මනේ.....හචිස්......අනේ සර් සොරි වෙම්න ඕනේ

පංතියේ හැම ලමයෙක්ම මේක දිහා බලන් හිටියේ ඒවගෙම අද seniors ලත් එක්ක එක project එකක් කරන්නයි ඉන්නෙ. ලී නෝට යකා ආවේස වෙලා ඉන්නෙ ඒ විතරක් නෙමේ ලී නෝ ගෙ bf han එයා මේ ස්කූල් එකේමයි ඉගෙන ගන්නෙ. එයත් ඔතන ඕක දිහා බලාගෙනයි ඉන්නෙ. හන් ටත් මෙතනින් වාස්ප වෙන්න විදිහක් නැතුවයි ඉන්නෙ. ඒවගේම මේ වෙන පිස්සු දිහා තවත් හතරදෙනෙක් හිනාව තද කරගෙන බලං ඉන්නවා. වෙන කවුරුත් නෙමේ හන් ගේ යාලුවො සැට් එක ෆෙලික්ස්, සංමින්, සූබින් ඒවගේම හියුන්ජින්.

LK - කටවහගන්නවා. අද තමුසෙලා දෙන්න හය වෙනකම් ඉන්න ඕනෙ

IN- අපි ඇත්තනේ.....හචිස්..... කිව්වෙ🥺

Beomgjyu- අනේ සර් 

LK- ජොන්ග් ඉන් තමුන් ඔය අහිංසක පාට් වලට මං රැවටෙන්නෑ. යනවා දෙන්නම ගිහින් ඉද ගන්නවා දැං



To be continued .............................

Pregnant at 14Where stories live. Discover now