Introduced

1.2K 157 35
                                    

මෙය මාගේ සිතේ ඇදුනු මිත්‍යා කතාවකී...

____________________________________

Black Mamba කියන Snake මේ ලොකේ ඉන්න විසකුරුම සරපයෙක්..එයාගේ එක විස බින්දුවකට පුලුවන් මිනිස්සු සිය ගානක් මරලා දාන්න...

Black Mamba King Green Mamba කෙනෙක්...ඒවගේම Queen Yellow Mamba කෙනෙක්...

පිරිමි Mamba කෙනෙක් අඩි 14ක් විතර දිගයි..තියෙන්නේ තද රතුපාට ඇස් දෙකක්..එයාලගේ ඇස් දිහා බලන අනිත් Snake ලත් ඇස් පුපුරල මැරිලා යනවා...මනුස්සයෙක් බැලුවොත් ඒ මනුස්සයාගේ ඇගේ ලේ වතුර වෙලා මැරිලා යනවා..දශ්ඨ කරොත් පැය භාගයක් ඇතුලත මැරිලා යනවා...

ගැහැණු Mamba කෙනෙක් අඩි 10 ක් විතර දිගයි.වගේම ඇස් පිරිමි Mamba ලා වගේම රතුයි..විස වල බලපෑමත් ඒ වගේම තමයි...

ගැහැනු Mamba කෙනෙක් අදුන ගන්න පුලුවන් හොදම විදිහ කලු පාට හමේ සුදු පාට ඉරි ඉරි තියෙනවා...

විශේශම දේ තමයි Mamba ලාට මිනිස් වේස ගන්න පුලුවන් එක..එක වේසයකට පමණක් සීමා වෙච්ච එයාලට එයාලගෙම ආවේණික රූපයක් තියෙනවා...Mamba කෙනෙක්  වෙස් ගත්තොත් එයාලගෙ දකුණු කණ පිටි පස්සරහා Mamba snake කෙනෙක්ගේ Tattoo එකක් තියෙනවා...ඒක මිනිස් ලෝකේවත් භාවිතා නොවෙන එකක්...ඒ නිසා වෙස් ගත්ත Mamba ලාව ලේසියෙන් අදුන ගන්න පුලුවන්...

Black Mamba කෙනෙක් මනුස්සයෙක්ට ආදරේ කරලා එයාලා එකතු උනොත් ඒ Mamba සදහටම මේ ලෝකෙන් අතුරු දහන් වෙලා යනවා...

ඒ හේතුව නිසාම Mambala මිනිස්සු ඉන්න පැත්තට යන්නේ නෑ...මොකද ලේ පිපාසාවෙන් ඉන්න Mamba කෙනෙක්ට මනුස්සයෙක් හම්බ උනොත් ඇගේ ලේ ටික ඔක්කොම උරලා බීලා දායී..මනුස්සයෙක්ගෙයි Mamba කෙනෙක්ගෙයි ආදරේ මොන බාදක ආවත් බිදෙන්නේ නැතුම් තිබ්බොත් Black Mamba දෙව්දුවගෙන් ඒ Mambaට සදහටම මනුස්සයෙක් විදිහට ජිවත් වෙන්න වරයක් ලැබෙනවා...ඒක හිමි වෙලා තියෙන්නේ මේ තාක් එක Mamba කෙනෙක්ට විතරයි...Mamba වරුන්ගේ ඉතිහාසේ එකම එක පිරිමි මනුස්ස වේසයකින් ජීවත් වෙන්න ලැබුනේ එක Mamba කෙනෙක්ට විතරයි...

වෙස් ගත්ත Mambaලා මිනුස්සු ලගට ගියාට වෙස් ගන්න පෙරුම් පුරන Mambaලා මිනිස්සු ලගට යන්නේ නෑ...

හැම Mamba කෙනෙක්ටම අවුරුදු විස්සෙදි මනුස්ස වේසයක් ලැබෙනවා..එතන ඉදන් අවුරුදු 150ක් ආයුශ තියෙනවා...

හැම මාසෙම පෝය දවසට Mambaලා තමන්ගේ හැව අයින් කරනවා...හැව අයින් කරනවා කියන්නේ Mamba කෙනෙක් විදින ලොකුම වේදනාව..ඒ වෙලාවට එයාලගේ පාලනෙ එයාලා අතින් ගිලිහිලා යනවා...අවසිහියෙන් වැඩ කරන්න පටන් ගන්නවා...ඒ වෙලාවට ලග ඉන්න කෙනෙක් මරලා දාන්න  උනත් පුලුවන් විදිහට එයාලා එයාලගෙ පාලනයෙන් ගිලිහෙනවා...

මේ කතාව මනුස්සයෙක්ගෙයි Black Mamba කෙනෙක්ගෙයි ආදර කතාවක්..
කවදා හරිආදර කතාව අවසන් වෙයි..
සතුටකින්
හරි
වේදනාවකින් හරි...

___________________________________________________________

මෙහි ඇති සියලූම විස්තර මා විසින් නිර්මාණය කරන ලද තොරතුරු බැවින් දැනුන් දීමකින් තොරව තොරතුරු ලබා ගැනීමෙන් වැලකී සිටින්න...

මෙහි සියලුම තොරතුරු @White__Lilly සතුය..

__________________________________________

White__Lill 💫

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now