Chapter 06 💫

300 100 14
                                    



මම හිතුවේ නෑ එය මට මෙච්චර ඉක්මනින් කෝල් කරයි කියලා..ඒත් හිතන්නේවත් නැති දේවල් දේවල් තමයි ජීවිතේ වෙන්නේ...
ඒත් ,,,,

මම මේ කරන්නේ වැරැද්දක්ද ,
හරි දෙයක්ද කියලා මම දන්නේ නෑ...
ඒත් මගෙ පළවෙනි බැල්ම එයාට වැටිලා ඉවරයි..
අද ඉදන් මොන දේ උනත් මම එයා එක්ක ඉන්නවා...
කවදා හරි එයා දැන ගනිවී මම Snake කෙනෙක් කියලා..
ඒත් එදාට මාව එයා තේරුම් ගනිවී...

@6:32 P.M
Lilly coffee shop

මෙයා තාම නෑනේ.මම දැම්ම මැසේජ් එකට රිප්ලයි එකක් ආවෙත් නෑ..එයා එන්නේ නැතිවෙයිද...

මන් ඔහොම හිත හිතම එයාට කෝල් කරත් ෆෝන් එක වැඩ නෑනේ..තව ටිකක් වෙලා බලලා මම යනවා..එයාට අමතක වෙන්න ඇති..එක්කෝ කරදරයක්වත්ද..

තවත් වෙලා ගියා 6:40.P.M

මම ගෙදර යන්න කොෆී ශොප් එකෙන් එලියට යද්දිම දැක්කෙ කෙල්ලෙක් කොෆී ශොප් එක පැත්තට දුවලා එනවා..අත්දිග දනහිසෙන් පහලට තියෙන ගවුමක් ඇදගෙන ඒක තද නිල් සුදු මික්ස් එකක් ...

ඒ ගෑණු ලමයා තව ටිකක් ලගට එද්දියි දැක්කේ මම හරියටම...

Iunha ...

" Iunha "  මගෙ කටින් එයාව දැක්කම ඉබේම එහෙම කියවුනා...

" මියානේනේනේ..මම ගොඩක් පරක්කුයි..."

එයා හති අරින ගමන් මගෙ ඉස්සරහා නැමිලා කියවන් ගියා...

" අයියෝ මැණික හොදටම දාඩිය දාලානේ ඔයාට.."

මන් එයාගේ කන පිටුපස්සරහට මූණට වැටිලා තියෙන කොණ්ඩ කැරල්ලක් දාන ගමන් කියද්දි මෙන්න මේ කෙල්ල චෙරි ගෙඩියක් වගේ රතු වෙලා..

" අපි ඇතුලට යමු..ඔයාට හොදටම මහන්සියි වගේ..."

මන් Iunha වත් එක්කගෙන ඇතුලට ඇවිල්ලා Table එකකින් ඉද ගත්තා...

ඊට පස්සේ එයා කිව්වේ Black coffee බොනව කියලා..මම ඒවායින් ඕඩර් එකකුත් දාලා ඒවා බිබීම කතා කරන්න ගත්තා....

අපි කතා කරද්දි එයා මට පුදුම හිතෙන දේවල් ගොඩක් කිව්වා..

' එයා ආසම ලිලී මල් වලට කිව්වා..මන් ඒකට හරිම  පුදුම උනා.මොකද සාමාන්‍යයෙන් ලිලී මල් වලට ගෑණු ලමයි කැමති නෑ..

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now