Chapter 14 💫

250 71 12
                                    

One week ago 🎶

@Jungkook Office

"කොහෙද දැන් ඔය කියන එකා ඉන්නේ..."

" හ්‍යූන් පොඩ්ඩක් ඉවසලා ඉන්න ...අපි තාම එයා ගැන හැමදේම දන්නේ නෑ..."

" මොනාද තවත් ඉවසන්නේ...මොනාද තවත් ඉවසන්න තියෙන්නේ..."

ජන්කුක්ගේ හ්‍යූන් ජන්කුක්ට කෑ ගහනවා ජිමින් ගැන Information දෙන්නේ නෑ කියලා....

" එකක් මතක තියා ගන්නවා තමුසේ ඌව හන්ගන් හිටියත් මම ඌව හොයන් මගෙ විස ම ඌට දීලා මරලා දානවා..."

ජන්කුක්ගේ හ්‍යූන් ජන්කුක්ට කෑ ගහන් යන්න ගියා.....

' එයාට තරහා ගිහින්..'

ජන්කුක් ලොකු හුස්මක් පහල දැම්මා...

' ඔයා එයා නෙවෙයි නේද හ්‍යූන්...'

ජිමින් මීට සතියකට උඩදි අදුන ගත්තත්..මේ සතිය තුල ජිමින්ගේ මෘදු කම ජන්කුක් දැක්කා...හරිම අහින්සම පිරිමි චරිතයක් එයා දැක්කේ..ඉතින් එහෙම කෙනෙක් කොහොමද Int බිස්නස් එකක් කරන්නේ...

ජන්කුක්ගේ හිත කිව්වෙම ඒක වෙන්න බෑ කියලා.ඒත්  ඒක එහෙමනම් ,
ජන්කුක්ට බෑ ජිමින්ට සමාව දෙන්න...
ඒවගේම PARK JIMINගේ නංගි වෙච්ච ඉයුන්හටත් එයාට සමාවක් දෙන්න නෑ....

ඒත් මතක තියා ගන්න මනුස්ස දුවක්  උනත් iunha කියන්නේ BLACK MAMBA ජන්කුක්ගේ පළවෙනි බැල්ම කියලා....

" ජන්කුකාකාකාකාකා..."

මනෝපාරක් ගහන් කල්පනා ලෝකේ හිටිය ජන්කුක් පුටුවෙන් නොවැටී බේරුනේ බොහොම අමාරුවෙන්...

" යාහ්..............මම බය උනා හ්‍යූන්..."

"මේ ජිමින් එද්දි හැමෝම බය වෙනවා තමා..."

ජිමින් එහෙම කියද්දි ජන්කුක් හිනා උනත් ,

'ඇයි හ්‍යූන් ඔයා එද්දි  හැමෝම බය වෙන්නේ..' ජන්කුක්ගේ හිතේ ප්‍රශ්ණේ ඕක උනා...

" මේ අද වැඩැක්ද.."

" විශේශ වැඩක් නෑ හ්‍යූන්..."

ජන්කුක් එහෙම කියද්දි ජිමින් ඇස් දෙක නැටෙව්වා...

" ඒයී..ඔය කියන්නේ බාර් යමු කියලා නම්...මෙන්න වැන්දා මට බෑ....."

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now