•• 14 •• 𝐁𝐚𝐜𝐤 𝐭𝐨 𝐒𝐨𝐮𝐥 🍃

1K 298 72
                                    

දඩාස් 💥 ......

එකපාරටම යූන්ගිත් වියූත් ගැස්සිලා ඇහැරුනේ කිචන් එකෙන් ආව සද්දෙට.. යූන්ගි වියූගෙ ඔඩොක්කුවෙන් නැගිටල එයා දිහා බැලුවා...

" මොකද්ද ඒ සද්දෙ " 😐

" බීම ගෙනාවෝ..... " 😛

හනා මුලු ඇඟේම ඔරේන්ජ් ජූස් එකක් හලාන කෝප්ප දෙකකට බාගෙට බාගෙට බීම පුරෝගන එතනට ආවා...

Viyu " අනේ පුතේ මොකද මේ ඇඟේ බීම හලාගන... " 😬

" අල උකු කෑන්නෙක බබාට බල වැඩී... ආ අලං බොන්න... බබා ආදලෙන් ගෙනාවෙ " 😛

දෙන්න බීම දෙක අතට ගත්තම හනා එතන තිබුන ටේබල් එක උඩට නැගල ඉඳගත්තා.. වියානගෙ කෝප්පෙ බීම උගුරක් වගේ තිබුනෙ සුගාගෙනම් අන්තිම බින්දු දෙක වගේ තිබුනෙ.. එයා බීම ගේනවට වඩා හලල... හනාගෙ හිත රිද්දන්න බැරි කමට අර දෙන්න ඒක බිව්වා...

Suga " හම්මේ හරි රසයි... " 😅

" පොද්දයි දාගන්න පුලාං උනේ... ඔක්කොම හැලුනනෙ... " 😛

Suga " මගෙ කෝලම එන්න ඔයාව නාවන්න.. නැත්තම් ඔයාව කූඹි කයි.... " 😅

" ඔම්මි මං වොස් දාල එන්නම්... " 😛

" හරි මැනික... 😅...

යූන්ගි හනාව අරං wash room එකට යද්දි වියාන මුලු කිචන් එකම මොබ් කලා.. කෙල්ල හෙන බීම කෑන් එකක් ගහල කුස්සිය විනාස කරල.. ඒක හෝදල wash room එකට යද්දි යූන්ගි තාම බබා එක්ක සෙල්ලම....

" වැඩිය වතුරෙ ඉන්න එපා මෙහෙ සීතයිනෙ " 🙂

" ඔම්මිත් එනෝද තාල පැතව්ට පීනන්න කීල දෙන්න... " 😛

හනා ඇහුවෙ එයාගෙ රබර් තාරාවො ගැන...

" ඔයා එයාලව ට්‍රේන් කරන්න.
ඔම්මි ඔයාව නාවන්නම්... යූන්ගි ඔයා මූන හෝදගන්න මම මෙයාට සබන් ගාන්නම්... " 🙂

හරී... 🙂

යූන්ගි එතන ඉඳංම දත් මදිද්දි වියූ බබාට සබන් ගාල නාවන්න ගත්තා... ඒ අස්සෙ හනා තාරාවො පා කරනවා...

Suga " ඊය රෑ... මොකද උනේ වියානා... මං කොහොමද ගෙදර ආවේ.... මට මොකුත් මතක නැ.... " 🙄🪥

" අපෝ... ඔයානම් ආය බොන්න එපා.. " 😅

Suga " එච්චර චාටර්ද ?? " 🙄🪥

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Where stories live. Discover now