•• 16 •• 𝐇𝐚𝐧𝐚𝐚 🚫

1.1K 304 119
                                    


𝐁𝐮𝐬𝐚𝐧 𝐇𝐨𝐦𝐞 ......

රෑ එකටත් කිට්ටුයි... මොකුත් නොදන්න හැල්මි හොඳටම නිදි.. ඒත් හනා තාම අවදියෙන්.. ටෙඩියවත් අරගන සාලෙට ගිය කෙල්ල ගේ පුරාම ඔම්මව ඩැඩීව හෙව්වා..
ඒත් කව්රුත්ම නෑ...

" තාම ගෙදේ නෑනෙ ඇවිල්ල.... ☹️
කෝලෙකක් දෙමු....

කුස්සියෙ තිබුන බංකුවක් ලෑන්ඩ් පෝන් එක ගාවට තල්ලු කරං ඇවිල්ල උස හදාගත්ත හනා ටෙඩියව මේසෙ උඩින් ඉන්දවල ඩැඩීගෙ නම්බර් එක ඩයල් කලා... වැඩ නෑ... ඔම්මිට අජොශ්ශීට හැමෝටම ගත්තා.. කව්රුත් ගන්නෙ නෑ....

" බබාව එපා වෙලා දියාද දන්නෙ නෑ... 🥺
බබාට දුකයි.. බබාට ඩැඩීව ඕනි.... "

පන්ඩිත කමට චූටි මූනෙන් වැටෙන කඳුලුත් පිහ පිහ ටෙඩියත් අරං කෙල්ල දොර අරින්න උස මදි නිසා ජනේලෙයක් ඇරං එලියට ආවා...
මුහුදු හුළඟ හනාගෙ ඇඟට සීතලට අල්ලනවා.. සුදුපාට දිග රැලි නයිටියට දිග කොන්ඩෙ කඩල ඉද්දි කෙල්ල ඉටි පිලිමෙ වගේ ලස්සනයි....

" මං ඩැඩීව හොයං යනොව්වා... " 🥺

දැඩි තීරනයක් ගත්ත හනා ආපහු ගෙට ඇවිල්ල එයාගෙ රෝස පාට princess බෑග් එකට හැල්මිගෙ හෑන්ඩ් පෝන් එකයි මාරු කාසි වගේකුයි දාගන ෆ්‍රිජ් එක ඇරල සැන්ඩ්විච් පෙට්ටියකුයි වතුර බෝතලේකුයි දාගන ඒක කරට දාං ටෙඩියත් අරං ගරාජ් එකේ තිබුන එයාගෙ රෝද තුනේ බයිසිකලේ තල්ලු කරං පාරට ආවා....

" පිපී... බා වෙන්නපා... මං ඉන්නෝනෙ.. ඩැඩීව බලන්න අපි යං... " 🥺

පාර හරීම කලුවරයි... ටෙඩියව බයිසිකලේ කූඩෙන් දාලා බයිසිකලේට නැගල ඒක පාගගන එයා යන්න ගියේ බුසාන් රේල්ස්ටේශන් එක දිහාවට....

කෙල්ල නූලට පාස් වෙනවත් එක්කම වූසන්ගෙ ගාර්ඩ්ල සෙට් එකක් ඇවිල්ල ගේ වට කරල හොරාට ගෙට පැනල කෙල්ලව හොයන්න ගන්නවා.... ඒ වෙලත් වයසක යූන්ගිගෙ ඔම්ම තද නින්දෙ...

" යකෝ කෙල්ල කෝ ?? " 🤬

" වෙන ගෙදරක හංඟලද දන්නෑ... " 🤨

" යූන්ගි ඒ කෙල්ලව වෙන උන්ට දෙන්නෑ... අපි මොකද්ද ලොක්කට කියන්නෙ ?? " 🤬

" වටේ ටිකක් හොයමු.... " 🤨

උන් පිස්සු බල්ලො වගේ වටේ හොයද්දි කෙල්ල අදාල තැනට ගිහිල්ලත් ඉවරයි... පන්ඩිත ආච්චි බයිසිකලේ බයිසිකල් පාක් එකට දාල රුපියල් දෙකකුත් අරං ටිකට් කඩන තැනට ආවා...
මූන පේන්න තරම් උස මදි උනත් එයා කාසිය චූටි අතින් කව්න්ටරේට තල්ලු කලා...
ටිකට් කඩන කෙනා නැගිටල බැලුව කොහෙන්ද සල්ලි ආවෙ කියල....

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Where stories live. Discover now