Chapter 14

175 55 9
                                    

'පාර්ක් දේහියුන්...

මගේ ජීවිතේ මේ විදිහට කාලකන්නි කරපු අමුනුස්සයා..

මට ගෙවන්න තිබුන ලස්සන ජීවිතය ඉපදෙන්නත් කලින් නැතිකරලා දාපු තිරිසනා..

මගෙ ඔම්මා සෝහියි අප්පා මින්වුක් නුයි ලස්සනට පවුල් ජීවිතයක් ගතකරපු දෙන්නෙක්.ඒ දෙන්නගේ ලස්සන පවුල් ජීවිතේ විනාස වුනේ ඉදලා ඉදලා එයාලා ලගට ආපු මන් නිසයි...

ඔම්මයි අප්පයි මැරිකරලා අවුරුදු ගානකට පස්සේ තමා මන් ඔම්මගේ බඩට ඇවිත් තීන්නේ..මන් ඔම්මගේ බඩට ආවා කියලා දැනගත්තාම එයාලා ගොඩක් සතුටු වෙලා..එයාලා මන් ගැන ගොඩාක් බලාපොරොත්තු තියන් ගොඩාරියක් හීන මවලා..

එයාලට ඕනි වෙලා තියෙනවා බඩේ ඉන්නේ කවුරු උනත් එයාට සැපපහසු ජීවිතයක් දීලා ලොකු දොස්තර කෙනෙක් කරන්න..

ඒත් අප්පා කරපු ජොබ් එකෙන් ලැබෙන පඩිය ඒ දෙන්නාට ජීවත් වෙන්නත් මදී.. ඒ කියන්නේ මන් ආවම කොහොමත් ජීවත් වෙන්න අමාරුයි කියන එක..

අනික් එක එයාලා මන් වෙනුවෙන් මවපු හීන හෑබෑකරගන්න ඒ පඩියෙන් කොහොමටවත්ම බෑ කියලා ඒ දෙන්නට තේරුම් ගිහින්..

අප්පා පඩිය හොද ජොබ් කොච්චර හෙව්වත් එයාට හොද ජොබ් එකක් හොයාගන්න බැරිවෙලා..ඔය අතරෙදි තමා දේහියුන්ගේ ගෙදර වැඩට සේවිකාවෝ මදී කියලා ඔම්මට දැනගන්න ලැබිලා තීන්නේ. ඉතින් ඔම්මා අප්පගෙත් කැමැත්ත මත ඒ ගෙදර වැඩට ගිහින්..

එහෙ වැඩකරන එකෙන් ඔම්මට හොද පඩියක් ලැබිලා තීනවා.මිසිස් පාර්ක් කරුනාවන්ත කෙනෙක් නිසා කන්න බොන්න දේවල් එහෙමත් හොදට ලැබිලා තීනවා..

ලමයි නැති මිසිස් පාර්ක් ඔම්මා ප්‍රෙග්නට් කියලා දැනගත්තාම ඔම්මට වැඩිපුර සලකලා තීනවා..ඒකෙන් අප්පගේ පඩියත් ඉතිරිවෙලා..එයාලා ඒ සල්ලි බැංකුපොතක එකතුකරලා..

ඒත් හිටි හැටියේ එයාලට එයාලා හිටිය කුලී ගෙදරින් මාසතුනක් ඇතුලත යන්න කියලා.සැරින් සැරේට ගෙවල් මාරුකරකර ගෙවන ජීවිතේ එපා වෙලා තිබුන අප්පා එයා ඔම්මව බදිද්දි ඔම්මගෙ අප්පගෙන් ලැබුන වැඩිය ජනාකීර්ණ නැති පැත්තක තිබුන ඉඩමේ ගෙයක් හදන්න අරන්.

Black heart   🖤Where stories live. Discover now