Chapter 22

149 47 21
                                    

කාලය හරිම හෙමීට ගෙවිලා ගියේ ජිමින්ව ජින්ගේ ෆැමිලි එකට ටික ටික ලන්කරලා.

ජිමින්ව ජින්ගේ ෆැමිලි එකට ලන්වෙන්න ලන්වෙන්න ජිමින්ගේ සිතුම් පැතුම් රටාවේ වෙනස්කම් ඇති උනා..

ජිමින් මීට කලින් කවමදාවත් විදලා නොතිබුන සතුටක් සැනසීමක් එයාට ලැබෙමින් තිබුනා..

ජිමින් ඒ සතුට සැනසීමට ආසවෙනවත් එක්ක එයාගේ තනිකම පාලුව මැකිලා ගිහින් මැරිලා තිබුන හැගීම් දැනීම් හුස්ම ගන්න පටන් ගත්තා..

ජින් එයාගේ බබායි වයිෆ් එක්කයි ගෙවන ජීවිතේ දැක්කම ජිමින්ට දැනුන හැගීම මෙහෙමයි කියන්න බෑ..

ඒ කොහොම උනත් එයා බලාපොරොත්තු ගොඩගහන්න ගියේ නෑ...

එයා මේ දැන් කියන මොහොතේ විතරක් ජීවත් වෙන්න තීරනේ කලා..

උන්නත් දාහයි මලත් දාහයි ලෝකේ හිනාවෙලා ඉන්න තීන අවස්තාව තවදුරටත් මගහැරගන්නේ නෑ කියලා එයා තීරනේ කරා..

ඒ තීරනේ නිසා එයා ටේව මුනගැහෙනකන් ජින්ගේ ෆැමිලි එකත් එක්ක එකට එකතුවෙලා කාලේ ගතකලා..

ඉතින් ඒ විදිහට සතියක කාලයක් ගෙවිලා ගියේ අටවෙනි දවසේ ජිමින්ට ටේටේව මුනගස්සලා

ජින්ගේ ගෙදරට උදේම ආපු ටේටේ කට්ටිය එක්කම බ්‍රෙක්ෆස්ට් අරන් ජිමින් එක්ක එලියට ගියා..

ජිමින් එක්ක ලස්සනම ලස්සන දියඇල්ලක් ලගට ආපු ටේටේ ජිමින් එක්ක ගිහින් දියඇල්ලේ වතුර පෑගෙන විදිහට ගලක වාඩි උනා..

"දැන් ඔයාගේ තුවාල හොද වෙලා පපුවේ තිබුන රෙඩ් මාර්ක් එකත් ගිහින් ඇති නේද..."

ගෙදර ඉදන් මෙතනට එනකන් දෙන්නා අතරේ තිබුන නිහඩතාවේ බිදලා ටේටේ ඇහුවා..

"ඔව් ඒවා ඒ දවස්වලම මැකුනා..."

"මගේ හියුන්ග් ඔයාව හොදට බලාගත්තද"

"ඔව්..."

"ඔයාට මගෙන් දැනගන්න මුකුත් නැද්ද..."

"ඔයා කොහොමත් ආවේ මට දැනගන්න  තීන දේවල් ටික කියන්නනේ..."

"ඔව් ඔයා හරී...."

"ඉතින් මන් අහන් ඉන්නේ..."

"හ්ම්...මන් එදා ඔයාව මුනගැහෙන්න ආවේ බෙක් හියුන් ඔයාගේ කේස් එක ආමි එකට දීලා ඔයාව අල්ලගන්න යනවා කියන්න..ඒත් මන් ඒක කියන්න කලින් ඔයා බෙක් හියුන්ව මරනවා කියලා මට කිව්වනේ.ඉතින් මන් තීරනේ කලා හොදින් හරි නරකින් හරි ඔයාව හොද මාර්ගෙට ගන්න.මොකද ඔයා ඔයාගේ වරදින් මිනීමරුවෙක් උන කෙනෙක් නෙමේනේ.. ඉතින් මන් ගෙදර ඇවිත් මගේ හියුන්ග්ට කෝල් කලා..එයාගෙයි මගෙයි ප්ලෑනකට අනුව එදා මන් ඔයාව ගග අයිනෙදි  කොටුකරගත්තා.මන් ඔයාට ශූට් කරන්න චාන්ස් එකක් හොය හොය ඉන්නකොට ඔයා ඒකට ඉඩහදලා දුන්නා...."

Black heart   🖤Where stories live. Discover now