මාස දෙකාමාරක් ගෙවිලා ගියේ කිසිම හැලහොල්මනක් නැතුව..
ඒ කාලේ පුරාවට යුනි එකේ එක දිගට අපිට ඉගැන්නුවා..
ඇත්තටම ඒ ගෙවන ජීවිතෙයි ස්කූල් එකේ ගෙව්ව ජීවිතෙයි සම්පූර්නයෙන්ම දෙවිදිහක්..
මන් යුනි එකේ බ්‍රේක් ටයිම් එකේදි යුනි එකේ ගාර්ඩ්න් එකට වෙලා නිදහසේ කාලේ ගෙවන්න පුරුදු උනා.
ඉතින් එදත් මන් ඒ යුනි ගාර්ඩ්න් එකේ බෙන්ච් එක්ක වාඩිවෙලා සින්දුවක් අහන ගමන් ලස්සන චූටි කුරුලු පැටව් දෙන්නෙක්ගේ රන්ඩුවක් දිහා බලන් හිටියා.
මගේ දැහැන බිදලා කවුරුහරි මන් වාඩිවෙලා හිටිය බෙන්ච් එකේ වාඩි උනා.....
ඒ කවුද කියලා මන් ඔලුව හරවලා බැලුවා..
ඒ හිටියේ බෝගම්...
එයා මගේ මූනේ අතරමංවෙලා හිටියේ. එයා මන් දිහා බලන් ඉන්න නිසා මන් හූඩි එකෙන් තවත් මගේ මූන කවර් කරගත්තා.
"ඔයා තාමත් මට කැමති නෑ වගෙයි.."
"......."
"ඔයාට කටක් තිබිලත් කතාකරන්න බෑ නේද..."
"......."
"ඇත්තටම ඔයාගේ ඔය ගතිගුනවලට මන් හරි කැමතී...ඔයා සුපිරියි පාර්ක් ජිමින්"
"ඔයා අදත් මාව මගහරින්නද යන්නේ"
ඒ සතාගේ කතා අහන් ඉන්න අකමැති නිසා මන් එතනින් නැගිටලා යන්න හැදුවේ.
"එහෙම කරන්න කලින් ඔයාට දෙපාරක් හිතන්න වේවී"
හහ් එයාව මගහරින්න දෙපාරක් තියා එකපාරක් හිතන්නවත් මට උවමනාවක් නැති නිසා මන් එතනින් යන්න යැදුවා..
ඒත් මගේ ඉස්සරහට ආපු බෝගම් මගේ ගමන නැවැත්තුවා..
"පාර්ක් ජිමින්...තමුන්ට තීන්නේ පුදුම ලොකුකමක්නේ..හැබැයි ඒ නිසාම ඔයා ගොඩක් රසපාටයි.."
මගේ දිහාට කෑදර බැල්මක් දාලා එයා කිව්වා..
"මන් මෙච්චර දේවල් කියලවත් ඔයාගේ කටඇරුනේ නෑනේ ජිමින්..බලමු ඔයා මේක දැක්කාමවත් කට අරියිද කියලා"
බෝගම් මට වීඩියෝ එකක් පෙන්නන්න හැදුවත් මන් ඒ දිහා නොබලා එතනින් මාරුවෙලා යන්න හැදුවා..
YOU ARE READING
Black heart 🖤
Fanfiction(completed) බයානක මිනිස්සු බිහිකරන්නෙත් මේ සමාජයෙන්මයි.. vmin sinhala short story