Chapter 17

177 52 16
                                    

බූට් එක අස්සේ දාගත්තු කිනිස්ස එදාම යූස් කරන්න වේවි කියලා මන් කීයටවත්ම හිතුවේ නෑ..

එදා දේහියුන් ආයෙම කොරියා වලට ඇවිත් තිබුනා.ඒ ඇවිත් තිබුනේ එයාගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ්ට මාව බිල්ලට දෙන්න.

එහෙ රටේදි උන හුටපටයක් නිසා එයා ඒ නරපනුවට මාව දවසකට දෙන්න පොරොන්දුවෙලා..

ඉතින් එදා ගෙදර වැඩට හිටිය හැම සේවකයෙක්ටම නිවාඩු දීපු එයාලා මන් යුනි ඉවර වෙලා ගෙදර එනකන් බලන් ඉදලා..

ගෙදරට ආපු ගමන් කිචන් එකට යන මන් දිහා බලන් හිටපු ඩබල මන් කිචන් එකෙන් එලියට එනකල් ගෙදර ජනෙල් දොරවල් වහලා.

(දේහියුන්ගෙන් දැනගත්තේ..)

පලතුරු කූඩේ තිබුන ඇපල් ගෙඩියක් හෝදලා ගත්තු මන් එකත් කටේ ගහන් මගේ රූම් එකට යන්න යද්දි මගේ ඉනවටේ ගියපු අත්දෙකක් නිසා මගේ ගමන නැවතුනා..

ඇපල්ගෙඩිය විසික් කරපු මන් ඒ අත් වලින් ගැලවෙන්න දගලද්දි තවත් අත් දෙක්කින් මගේ අත් දෙක අල්ලගත්තා.

ඒ හිටියේ දේහියුන්...

එතකොට මගේ පිටිපස්සේ ඉන්නේ මොකාද කියලා මට ප්‍රශ්නයක් ආවා..

ඒ හිටියේ මොකා උනත් ඌ මන් යට කරලා තිබුන ශර්ට් එක උඩට අදිද්දි මට කියාගන්න බැරි තරම් කේන්තියක් ගියා.

මන් මගේ කකුල නවලා පිටිපස්සෙන් මාව  අල්ලන් හිටිය එකාගේ ඩික් එකට පයින් පාරක් ගැහුවා..

මන් උට ගහන එක දැක්ක දේහියුන් මට ලොකුම ලොකු කම්මුල් පාරක් ගැහුවා..

ඒ කම්මුල් පාරත් එක්ක විසික්වෙලා ගියපු මාව පුටුවක් ලග වැටුනා.

මගේ ලගට ආපු දේහියුන් මගේ කට මිරිකලා කිව්වා මාව දවසකට එයාගේ බෝයිෆ්‍රෙන්ට දුන්නා එයාට ඕනි විදිහට ඉදියේ නැත්තන් විදවන්න වේවී කියලා..

නමක් ගමක් දන්නැති ඒ සුදු හූනව දැක්කාම මට වමනෙටත් එන්න ආවා. ඊටත් මන් මගේ ඇග එක එකාට දෙන්නේ මොන කෙහෙල්මලකටද..

ඉතින් මන් දේහියුන්ටත් පයින් ගහලා එතනින් යන්න හදද්දි එයා මාව ආයේ බිමට ඇදලා දැම්මා.

Black heart   🖤जहाँ कहानियाँ रहती हैं। अभी खोजें