Chapter 19

162 54 16
                                    

සතිදෙක්ක කාලයක් ඉගිල්ලිලා ගියේ ජිමින්ට ටේටේ ගැන තීන කේන්තිය දෙගුන තෙගුන කරලා.

එදා ටේටේ ජිමින්ගේ ගෙදර ගියපු වෙලේ ජිමින් එක්ක ගොඩාක් වෙලා වාද කලා. ජිමින් මේ කරන දේ බරපතලකම ටේටේ එයාට කියලා දුන්නා.

මේ වැඩේ නතර කලේ නැත්තන් එයාට අත් වෙන්නේ මොන වගේ ඉරනමක්ද කියලත් ටේටේ ජිමින්ට පැහැදිලි කරලා දුන්නා.

ඒත් ඒ කිසිම දෙයකින් ජිමින්ගේ සිතිවිලි වෙනස් උනේ නෑ...

බීරි අලියට වීනා වයලා වැඩක් නෑ කියලා තේරුන් ගත්ත ටේටේ තීරනයක් අරන් ජිමින්ගේ ගෙදරින් එලියට බැස්සා..

එදා ඉදන් අද වෙනකන් ටේටේ කරේ ජිමින් දිහා ඇහැ ගහන් ඉදලා එයාගේ වැඩවලට බකට් ඇද්ද එක..

ඒකෙන් ජිමින්ගේ ලොකු ලොකු ටාගට් එයාට මිස් උනා.ජිමින් කීපපාරක් ටේට වර්න් කලත් එයා ඒක ගනන් ගත්තේ නෑ.

ජිමිනුත් ටේටේ කියපු කිසිදෙයක් අහන්නැතුව එපා කියපු දේම කලා.

දැන් ටේටේට ජිමින්ගේ හිතුවක්කාරකමේ අවසානේ දකින්න වෙලා තීන්නේ.

බෝගම්ගේ අප්පගේ බලපෑම නිසා මේ කේස් එක ටේටේගේ අතින් ගිලිහිලා ආමි එකට ලැබෙන්න යන්නේ..

ඒක ටේටේගේ නමටත් වඩා ජිමින්ගේ ජීවිතේට හොද නෑ කියලා එයා දන්නවා.

මොකද බෝගම්ගේ අප්පා කියන්නේ ඒ තරම් හොද කෙනෙක් නෙමේ..

එයා එයාගේ පොලිටීශියන් පවර් වලින් උඩ ගිහින් ඉන්න කෙනෙක් කියලා ඕන කෙනෙක් දන්නවා..

එයා ජිමින්ව පනපිටින් අල්ලගත්තා කියන්නේ ජිමින්ට අපාදුක් විදින්න වෙනවා කියන එක කියලා ටේටේ දන්නවා.

ටේටේට ඉතිරිවෙලා තීන්නේ තව දවස් දෙක්ක කාලයක් විතරයි.ඒ නිසා එයා හිටියේ දෙලොවක් අතරේ අතරමං වෙලා..

මිනීමරන එක වරදක් උනත් ජිමින් කියන්නේ ඒ වරදට දුක් විදින්න ඕනි කෙනෙක් නෙමේ.

අනික් එක ජිමින්ව අල්ලගත්තා කියලා එයාට දඩුවන් ලැබෙන්නේ නීතියෙනුත් නෙමේ..

ජිමින්ව කොහොමහරි මේ නරක වැඩෙන් ගලවගත්තොත් ජිමින්ට ලස්සන අනාගතයක් තියෙනවා කියලා ටේටේ දන්නවා.

ඒ නිසා එයා මේකට කරන්න පුලුවන් හොදම දේ මොකක්ද කියලා කල්පනා කලා..

ජිමින් එක්ක අන්තිමවතාවට මේ ගැන කතාකරනවා කියලා හිතපු ටේටේ මේ වේලේ ජිමින් ඇතියි කියලා හිතුන තැනට ගියා..

"මන් හිතුවා වගෙම ඔයා මෙතන ඉන්නවා..."

හන් රිවර් පාර්ක් එකේ බෙන්ච් එක්ක වාඩි වෙලා හිටිය ජිමින් ලගින් වාඩිවෙන ගමන් ටේටේ කිව්වා.

"මන් මෙතෙන්ට ආවේ ඔයාට දෙයක් කියලා යන්නයි.."

"ම්ම් හොදයිනේ...."

හූඩි එකෙන් මූන වහන් ඉන්න ජිමින් දිහා බලනගමන් ටේටේ කිව්වා..

"මන් හෙට බෙක්හියුන්ව මරනවා. පුලුවන්නම් මේ පාර මාව නවත්තන්න..."

ජිමින් ටේටේට එහෙම කිව්වත් එත අභියෝගාත්මක හඩක් තිබුනෙ නෑ.

එයාට ටේටේ එක්ක මුලින් දැනුන කේන්තිය දැන් දැනෙන්නෙ නෑ..

එයාට දැන් ඕනිවෙලා තින්නේ වෙනස් වෙන්න දගලන එයාගේ හිත මරලා දාලා එයාගේ ඔම්මගේ තුරුලට යන්න.

මෙච්චර දවසක් මිනීමරලත් සැහැල්ලුවෙන් තිබුන හදවත ටේගේ ඉස්සරහදි අසරන වෙන්න අරන්.

එයාගේ හදවත තවත් ආදරේක පැටලිලා විදවාවි කියලා එයාට බයයි..එයා දැන් හැමදේකින්ම හති වැටිලා ඉන්නේ..

තවත් මේ දේවල් දාරගෙන ජීවත් වුනා කියලා එයාට ලැබෙන දෙයක් නැති නිසා එයාට ඕනි උනා මේ හැමදේකින්ම නිදහස් වෙන්න..

"ඒ කියන්නේ ඔයා වෙනස් වෙන්නේ නෑ...."

ටේටේ ජිමින්ගේ මූනේ හැගීම් කියවන්න උත්සහා කරත් ඒක කරන්න බැරි තැන ජිමින්ගෙන් ඇහුවා..

"ඔව්....."

දුර ඈත තැනක ඇස් රදවන් හිටිය ජිමින් ස්තීර හඩින් කිව්වා..

"එහෙනම් මටත් වෙන කරන්න දෙයක් නෑ..."

ටේටේ ජිමින් ලගින් නැගිටලා සාක්කුවල අත් දාගන්න ගමන් කිව්වා.

Black heart   🖤Where stories live. Discover now