Chapter 25

157 43 27
                                    

"ජිමිනි...මට ඔයාට කියන්න ලොකු කතාවක් තීනවා.."

"ම්ම්...කියන්නකො බලන්න."

"ඒක ගොඩක් ලොකු කතාවක්.."

"කමක් නෑ..ඔයා කියන ලොකු හරි පොඩි හරි ඕනි කතාවක් ඕනිතරම් වෙලාවක් මන් අහන් ඉන්නම්.."

ටේගේ කෙස් අතර ඇගිලි ගෙනියන ගමන් හිටිය ජිමින් එයාගේ මූන දිහා බලන් ඉන්න ටේගේ නහය උඩින් හාදුවක් තියලා කිව්වා

"මට ඕක එදාම හිතුන..."

"මොකක්ද...කවද්ද..."

"එදා අපිව මුන ගැහුන පලවෙනි දවසේ ඔයාගෙයි මගෙයි ඇස් එකට හම්බුනු වෙලේ ඔයාගේ අහිංසක හුරුබුහුටි ඇස් දැක්කාම මට හිතුනා ඔයාගේ ඇස් යට ඉඩක් වෙන්කර ගත්තොත් කල්පගානක් උනත් මට ඔයා එක්ක කියව කියව හුරතල්වෙවී ඉන්න පුලුවන් කියලා.."

"ඇත්තට..."

"ඔව්."

"ඒත් අහිංසක ඇස් දැක්කාම සාමාන්‍යන් පරිස්සම් කරන්නනේ හිතෙන්නෙ."

"ඔව් ඒක ඇත්ත.ඒත් මන් අසාමාන්‍ය කෙනෙක්නේ..මට ඕනි උනේ කවදාහරි අහිංසක හදවතක් ලග නතර වෙලා එයා එක්ක මගේ ජීවිත කතාව කියලා හිතේ නිදහසෙන් ඒ පපුවට තුරුලු වෙලා නිදාගන්න.ඉතින් මගේ ජිවිත කතාව ඔයාට කියන්න දැන් කාලේහරී ජිමිනි.."

"ඉතින් කියන්නකෝ..මන් ලෑස්තියි ඒක අහන්න.."

"හ්ම්..ඒත් ඒක ඒ තරම් සුන්දර කතාවක් නම් නෙවෙයි..බොහෝවිට ඒක ඔයාගේ කතාවට වඩා දුක්බරවෙන්න පුලුවන්.. ඔව් ඇත්තටම ඒක එහෙම වෙන්න පුලුවන් ."

ජිමින් උද්යෝගෙන් ටේගේ කතාව අහන්න ලෑස්තිවෙද්දි ටේටේ එයාගේ කටහඩ බාල කරලා කිව්වා.

"හ්ම්..ඒක කියන එක ඔයාට ප්‍රශ්නයක් නෙවේනම් විතරක් මට ඒ කතාව කියන්න ටේටේ"

ජිමින් ටේගේ කෙස් අතරින් හාද්දක් තියලා හරිම ආදරෙන් කිව්වා..

"මන් මීට අවුරුදු 15 ට කලින් නැති උන කිම් හෝල්ඩර් එකේ චෙයාර්මන්ගේ පුතා. වීකේන්ඩ් එකට බූසාන් ගිහින් එනගමන් හිටි අපි වෙනදා යන පාරේ නඩත්තු කිරීමක් කිව්ව නිසා වෙන පාරකින් ගෙදර යන්න ගත්තා.ඒත් මගදි උන හිතාගන්න බැරි ඇක්සිඩන්ට් එකක් නිසා ජනේලෙන් එලියට ඔලුව දාන් ආපු මාව කාර් එකෙන් විසික් වෙලා පාරෙන් එහාට වැටිලා රෝල් උනා.ලග තිබුන පදුරක් අල්ලන් නැවතුන මන් වාහනේ දිහා බලද්දි දැක්කේ යකඩ පිල්ලක් අරන් ආපු මිනිහෙක් මගේ ඔම්මටයි අප්පටයි ගහන විදිහ.මන් එවලේ කෑගහන්න හැදුවත් මගේ කටින් කිසිම සද්දයක් පිට උනේ නෑ..ඉතින් මන් මගේ ස්මාර්ට් වොච් එකේ කැම් එකෙන් එතන උන දේවල් වීඩියෝ කලේ මට කරන්න පුල්වන් වෙන දෙයක් තිබුනේ නැති නිසයි..එදා ඒ උන සිදුවීමෙන් පස්සේ එතනට ආපු පොලීසියේ අයට මන් දැකපු දේවල් කියන්න ගියත් මගේ කටින් එක වචනයක්වත් පිට උනේ නෑ..ඒ නිසා මන් වීඩියෝ එක පෙන්නන්න ගියත් එයාලා මාව පිස්ස්සෙක් කියලා ගනම් ගත්තේ නෑ..කොහොමහරි ඇක්සිඩන්ට් එකෙන් බේරුන මාව දැකලා සතුටු වෙනවා වෙනුවට මගේ හරබොජි මන් දිහා රවලා බලන් ගෙදර එක්ක ගියා.ගෙදර ගිහින් දවස් තුනකට පස්සේ මට කතාකරන්න පුලුවන් උනා.ඒ තත්පරේම මන් වීඩියෝ එක අරන් හරබොජිව මුන ගැහෙන්න ගියා.ඒත් මන් යද්දි හරබොජි කතාවුන දේවල් නිසා මාව එතනම ගල් ගැහුනා. අපේ කිම්හෝල්ඩර් එකේ අයිතිය ගන්න උවමනාවට හරබොජියි එයාගේ ඇත්ත පුතයි මගේ ඔම්මවයි අප්පවයි මරලා.ඒත් එයා එවලේ කිව්වේ කම්පැනි එකේ අයිතිය තීන්නේ මට කියලා දන්නවනම් කෙලින්ම මාව මරන්න තිබුනා කියලා.ඒක ඇහුනාම මන් ආයෙම මගේ රූම් එකට ගිහින් මට ඒ ගෙදරින් යන්න ඕනි කරන දේවල් ලෑස්ති කලා.ඒත් ඊටකලින් අපේ ගෙදර ආපු හරබොජිගේ පුතා මාව එයාලගේ ගෙදර එක්ක ගියා.ඒ ගෙදර මන් ජීවත් උනේ වැඩකාරයෙක් වගේ.මට නිදාගන්න ලැබුනේ එයාලගේ බැල්කනි එකේ.කන්න ලැබුනේ එයාලා කාලා ගෙදර කෑම ඉතුරු උනොත් විතරයි.මන් ඒ ගෙදර ගෙව්ව සතිදෙක්ක කාලය තරම් මගේ ජීවිතේ නරක කාලයක් තිබුනෙම නැති තරම්.මන් දුක්විදගෙන ඒ ගෙදර ජීවත් උනා කියලා මට ලැබෙන දෙයක් නැති නිසා මන් ඒ ගෙදරින් පැනලා ගියා.එයාලගේ ගෙදර හිටි ලොකු බල්ලා නිසා එයාලා වෙනම ආරක්ෂාවක් ගෙදරට දාලා තිබුනේ නෑ. ඒ මිනිස්සුන්ට වඩා බම්ලා ලග හොද ගතිගුන තිබුන නිසා මට අවුලක් නැතිව ගෙදරින් පැනගන්න පුලුවන් උනා.මන් එහෙන් පැනගත්තා කියලා මට ඉන්න තැනක්වත් කන්න දෙයක්වත් තිබුනේනෑ. මන් පාරක් පාරක් ගානේ ඇවිද ඇවිද කරන්න දෙයක් හිතුවා.ඒ අතරේ මන් පාරේ රස්තියාදු වෙනවා දැක්ක මනුස්සයෙක් මාව අනාතනිවාසෙකට දැම්මෙව්වා.මන් ටික කාලයක් එහෙට වෙලා කාලාබීලා ඉගෙන ගත්තා.ඒත් හරබොජි මාව හොයන එක නවත්තලා තිබුනෙ නැති නිසා මට දිගටම එහෙ ඉන්න බැරි උනා.ඉතින් මන් එහෙදි ලැබුන පුන්චි කාසි දෙක තුනයි මන් ඉතිරිකරගත්තු කැමයි අරන් දේගුවලට ගියා.මන් එහෙ අනාත නිවාසයක සෑහෙන කාලයක් ජීවත් උනා. මන් එහෙදි හොදට ඉගෙන ගත්තා.ඒත් මට වයස 18 වෙනකොට මට එහෙන් පිටවෙන්න උනා.ඉතින් මන් ආයෙම පාරට වැටුනා.ආයෙමත් කරන්න දෙයක් හිතා ගන්න බැරිව මන් පාරට වෙලා කල් ගෙවද්දි මට ජින් හියුන්ග්ව හම්බුනා.මන් එයාට මගේ ජීවිතේ පුන්චිම පුන්චි කොටසක් කියලා මට ඉන්න තැනක් නෑ කියලා කිව්වා.ඒ පාර තීන දෙයක් කාලා ඉන්න පුලුවන්නම් එයා මාව එයාගේ ගෙදර එක්ක යන්නම් කිව්වා.ඉතින් මන් එයාගේ ගෙදර ගියා.එයාගේ පවුල ගොඩක් දුප්පත් උනත් මාව එහෙ නවත්තගන්න ඒ ඔම්මයි අප්පයි කැමති උනා.මන් එහේ සතියක් ඉන්නකොට ජින්හියුන්ග්ට අහම්බෙන් මගේ රිපෝට් කාර්ඩ් එක ලැබිලා තිබුනා.ඒක දැකපු එයා මාව එහෙ පුන්චි ස්කූල් එක්කට දම්මලා ඉගැන්නුවා.ඒ ලැබුනු චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තු මන් හොදට ඉගෙනගත්තා.ඒකෙන් මට සෝල් යුන්වර්සිටි යන්න අවස්තාව ලැබුනා.එහෙ ගොඩාක් දුර නිසා මන් යන්න බෑ කිව්වා. ඒත් ඒ පවුලේ අය මාව බලෙන්නම වගෙව් එහෙ පිටත් කලා.මන් යුනි ගියපු පලවෙනි දවසෙමයි ඔයාව දැක්කේ.ඔයාව දැක්කාම මගේ හිත මාර පෙරලියක් කලා.මන් එවලේ රැග් පෝලිමට අහුවෙලා හිටියත් ඔයාව දැක්කාම ඒක අමතක උන මන් ඔයාව බේරගන්න එතනින් පැන්නා.ඒ නිසා මන් දවස් දෙකක් යුනි එන්නැතුව හොස්ටල් එකට වෙලා හිටියා.එහෙම ඉන්නකොට ජින් හියුන්ගේ ඔම්මා අසනීප උනා කියලා කෝල් එකක් ආවා.ඉතින් මන් ආයේ දේගු ගියා.ඔම්මට තිබුනේ කැන්සර් එකක් දේගුවලින් ඒකට බෙහෙත් කරන්න බෑ කිව්වත් බූසාන් වලින් පුලුවන් කිව්වා. හැබැයි ඒකට ගොඩක් සල්ලි ඕනි කිව්වා. ඒ දවස්වල ජින් හියුන් ඇමරිකන් කම්පැනි එක්කටඇප්ලයි කරලා ඒකේ එක්සෑම් එක්කට ලෑස්තිවෙන ගමන් හිටියේ.ඉතින් මන් යුනි යන එක නවත්තලා පුන්චි පුන්චි ජොබ් ගොඩාක් කලා.ඒවෙන් මගේ අත පය ගොඩාක් තුවාල උනා."

Black heart   🖤Where stories live. Discover now