Chapter 15

157 56 10
                                    

අපෙ ස්කූල් එකට හයිස්ටඩීවලට අලුතෙන් ලමයි ගත්තා.

අලුතෙන් කවුරු කොහොම ආවත් මන් මගේ පාඩුවේ පන්තියේ ඉස්සරහා පේලියේ කොනේ වාඩිවෙලා මගේ පාඩුවේ ඉගෙන ගත්තා..

කාලය ගෙවිලා ගියා... මන් ෆස්ට් ටර්ම් ටෙස්ට් එකෙත් හයිමාර්ක් ගත්තා.ස්කූල් එකේ ඔක්කොම ගුරුවරු මන් ගැන බලාපොරොත්තු ගොඩ ගහගත්තා.

සෙකන්ඩ් ටර්ම් එක පටන් ගද්දි පන්තියේ වාඩිවෙන තැන් මාරුවෙලා තිබුනා..

ඒ නිසා මන් ඉස්සරහා පේලියේ මෙහා අයිනට ආවා..මට එහා පැත්තේ කාටවත් වාඩිවෙන්න බැරිවෙන්න මන් හැමදාම එතනින් බෑග් එක තිබ්බා.

ඒත් එක දවසක් මට කලින් ආපු ලමයෙක් මන් ඉන්න තැනට එහා පැත්තෙන් වාඩිවෙලා තිබුනා.මන් මට තනියම ඉන්න තැනක් බැලුවත් ඉඩ තිබුනේ පන්තිය පිටිපස්සේ මදාවි ටයිප් ලමයි ටිකක් ලග.

ඉතින් මන් සුපුරුදු තැන වාඩිවෙලා මගේ වැඩ කරන් යන්න ගත්තා..ඒ උනාට එහෙම වැඩ කරගන්න ලැබුනේ ඉන්ටවල් එක වෙනකන් විතරයි.

මට එහා පැත්තෙ වාඩිවුන ලමයා තොරතෝංචියක් නැතුව කියවන්න ගත්තා.එයා එයාගේ කතාව නැවැත්තුවේ අපි හොද යාලුවෝ වෙමු කියලා අත දික් කරන්..

මන් ඒ අත දිහා බලලා ක්ලාස් එකෙන් එලියට ගියා.කොහොම උනත් එයා එයාගේ උත්සහය ඇතෑරියේ නෑ..

එයා මාසයක් තිස්සේ දීපු වදේ නිසා මන් එයාව යාලුවෙක් කරගත්තා..ඒක තමා මන් කරගත්තු ලොකුම වරද..මන් ඒ ගැන ගොඩාක් පසුතැවෙනවා..

එයාගේ නම ජන්ග් හේසොක්..එයාට මාර ලස්සන හිනාවක් තිබුනේ..එයා හරිම හොද ලමයෙක් කියලා කතාබහකරපු විදිහෙන්ම මට තේරුනා..

එයාව යාලුවෙක් කරන් ගෙවපු කාලය ඇත්තටම සුන්දරයි කියන්න පුලුවන්..
ප්‍රශ්නවලින් පිරිලා තිබුන මගේ ජීවිතේට ආයේ හිනාව ගෙනාවේ එයා..

අවුරුදු දෙක්ක කාලයක් එයා එක්ක ගෙවෙද්දි මගේ හිත එයාට ලන්වෙන්න අරන් තිබුනා..

ඒකට හේතුව මන් තනිකමෙන් හිටපු එකද එයා මගේ ජිවිතේට සතුට ගෙනාපු එකද එයා ලස්සන නිසාද කියන්න මන් දන්නේ නෑ..

Black heart   🖤Where stories live. Discover now