MY YOU | 2

410 81 8
                                    

"මං මොනාද කියලා තියෙන්නෙ උබලට ආහ් !??? "

"සමාවෙන්න උතුමාණෙනි, ප්‍රින්ස් නම්ජුන් තමා කිව්වෙ ඔබ තුමා ගැන බලන්න කියලා... "

ජන්කුක් ගෙ තියුණු ඇස් දෙක දිහා බැලීමට නොහැකි උන ආරක්ෂකයින් හිස නමාගන්න උනා.

"අහ්හ් හ්‍යුන් නම්?!!!....."

ජන්කුක්ට තමන් ඉදිරියෙ හිටන් ඉන්න ආරක්ෂකයන් තුන්දෙනාට තවත් බැනලා වැඩක් නෑ කියලා තේරුනා...මේසෙ උඩ ring වෙන්න ගත්ත 4neka දිහා ටිකක් බලන් ඉදලා ansew කරලා නැගිටලා ඇවිත් ඔෆිස් කාමරෙ glass wall එකෙන් පේන බුසාන් මුහුදු තීරය දිහා බලන් හිටගත්තා....

"ජන්කුක්.. උබ දැන් ඇවිත් කොච්චර දවසක්ද? උබ ඔහොම ඉන්න එක කොච්චර අනතුරුදායකද දන්නවද? "

"හ්‍යුන්..මෙහෙ මුහුද ගොඩක් ලස්සනයි... එයත් මේ කොහෙහරි ඇතිනේද හ්‍යුන්...??"

"ආහ්හ් මං මොනාද කියන්නෙ උබ මොනාද කියන්නෙ... !! "

"එයාව දැනෙන්නෙවත් නෑනෙ හ්‍යුන්.. එයා ඉන්නවනම් මේ වෙනකොට මට දැනෙන්න ඕනෙ.."

"ජන්කුකාහ්..."

"පස්සෙ කතා කරන්නම් හ්‍යුන් ! මං හොදින් ...."

මේක කාටවත් දැනෙන්නෙ නෑ... ජන්කුක් ට අවුරුදු ගානක්.. අවුරුද්දක් දෙකක් නෙවෙ.. අවුරුදු විස්සක් තිස්සෙ ඒ ඇස් නැතුව හිටියා... ජන්කුක් ගොඩක් තනි උනා.. ඒ ආයෙත් ඒ ඇස් දකින්න පුලුවන් කියලා දන්න නිසා ඒ දුක ටිකක් තුනී උනා.. ඒත් රාජධානියේ ඉන්නකොට ඒ දේවල් එක්කම හිටියා.. රාජධානියට හොද පාලකයෙක් උනා.. ඒත් ඒ ඒවෙනකොට තමන් එක්ක ඉන්න ඕන ආත්ම සහකාරියගෙ අඩුවක් එක්ක... හැම මොහොතකම ඒ අඩුව දැනෙන එකම කෙනා ජන්කුක් උනා...

කාටවත් ජන්කුක් ඉන්න හැගීම තේරුම් ගන්න බෑ.. කොච්චර තදින් හිටියත් ජන්කුක් ඉන්නෙ ගොඩක් පාළුවෙන්... ඒ හිත නොසන්සුන් ! හැමවෙලේම කාවහරි හෙව්වා ! කාගෙ හරි ඇස් දෙකක් ඇස් පියවෙන වාරයක් වාරයක් ගානෙ මතක් කරා... ! තමන්ගෙ සහකාරිය නැතුව ඉන්නවා කියන්නෙ ඒක දරාගන්න බැරි දුකක්.. !

ජන්කුක් බුසාන් ඇවිත් දැන් ටික දවසක්... රාජධානියෙන් ඇවිත් බුසාන් වල ඉන්නෙ.. නම්ජුන් මීට අවුරුදු විස්සකට කලින් ගොඩනගපු එයාගෙ බිස්නස් තාම තියෙනවා.. නම්ජුන් නැවත රාජධානියට එනකොට බිස්නස් වල සියලු වගකීම් විශ්වාස වන්ත පුද්ගලයෙක් උන වූහන්ග් ට බාර දීලා ආවෙ.. වුහන්ග් කියන්නෙ මනුස්සයෙක්.. නම්ජුන් මිනිස්වාසෙ ඉද්දි වූහන්ග් දැනෙගෙන හිටියා නම්ජුන් කියන්නෙ vampire කෙනෙක් කියලා. ඒත් නම්ජුන් ඒ වෙනකොට වූහන්ග් ට කරලා තිබ්බ උදව් මීටකලින් මනුස්සයෙක් වත් වූහන්ග් ට කරලා තිබ්බෙ නෑ.. ඒනිසා වූහන්ග් මැරෙනකන් නම්ජුන්ගෙ මේ රහස රකින්න නම්ජුන්ට පොරොන්දු උනා.... 

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now