MY YOU | 16

253 70 13
                                    

🍂










"සෝහා පරිස්සමින්........."

"හ්‍යුන්.... "

"දැන් ඔයාව එක්කන් යන්නෙ කොහොමත් එහෙට.... ඊටපස්සේ ජන්කුක් ගෙන් අහලා ඕන දෙයක් තීරණේ කරන්න... දැන් යන්..."

සෝහව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරගෙන එක්කන් එන්න හදන්නෙ. සෝහට ආයෙමත් එහෙට යන්න ඕනෙ නැති උනත් යේසුව හම්බවෙන්න ඕනෙ උනා. ඒනිසා නම්ජුන් එක්ක ආයෙම හොස්පිටල් එකෙන් ආවෙ ජන්කුක්ගේ ගෙදරට.. කාර් එකට නැගපු සෝහා ටීශර්ට් එක උස්සලා බැලුවෙ තාමත් එයාගෙ ප්ලාස්ටර් කරලා තිබ්බ තුවාල කැලල. පරිස්සමින් ඒක උඩ අතගාලා නම්ජුන් හ්‍යුන් කාර් එකට නගින්න ආපු නිසා ටීශර්ට් එක පහත් කරගෙන ශීට් එකට හේත්තු වෙලා ශටර් එකෙන් එලිය බලන් ආවා.

ආයෙම ජන්කුක්ගේ හවුස් එකට එනකොට සෝහට කාර් එකෙම හොදට නින්ද ගිහිල්ලා තිබ්බෙ. ගාර්ඩ්න් එකෙ කාර් එක නවත්තපු නිසා ඇහැරුණ සෝහා නම්ජුන් බැස්සට පස්සෙ එයාගෙ පිටිපස්සෙන්ම බැහැලා ඉස්සරහට ආවා. පඩිපෙල දිගෙ උඩට ඇවිත් main door එක ලගට ආපු සෝහා නැවතුනෙ එයා දිහා බලන් හිටපු යේසුව දැකලා... යේසුගෙ නම් මූණ සෝහා දැක්කම කිසි වෙනසක් පෙන්නුවෙ නැති උනත් සෝහා දිහා බලාගෙන ඉද්දි ජන්කුක් ඇවිත් යේසුව බැක් හග් කරපුවම සෝහා ඉක්මනට අනිත් පැත්ත හැරිලා ඇතුලට ඇවිත් නම්ජුන් හ්‍යුන් ගාවින් හිටගත්තා....

"හ්‍යුන්....  දැන් කොහොමද සෝහා ඔයාට......"

නම්ජුන් හ්‍යුන්ට කතා කරන ගමන් ඉස්සරහට ආපු ජන්කුක් සෝහව හග් කරාම ආයෙ ජන්කුක්ව බැක් හග් කරන්න ගියෙ නෑ. එයාව හයියෙන් අල්ලන් ඉන්න ජන්කුක්ව දැනෙද්දි සෝහට ජන්කුක්ගෙ උණුහුමෙන් මිදෙන්න ලෝභ හිතුනා. ඒනිසා ඉබේටම සෝහා ජන්කුක්ව ආයෙ බැක් හග් කරන්න හදනකොටම දැක්කෙ එයාලා දිහා බලන් ඉන්න යේසුව... ඒනිසා හිත හදාගත්තු සෝහා ජන්කුක් ගෙන් අයින් වෙන්න හැදුවම ජන්කුක් ම අයින් උනෙ සෝහට එහෙම ඉන්න එක අපහසුයි කියලා තේරුණ නිසා. සෝහගෙ මූණට එබිලා ඉන්න ජන්කුක්ගේ ඇස් මග අරින්න සොහා ගොඩක් උත්සහ කරා...

"මං හොදින් ජන්කුක්...."

"අහ්හ්.. එහෙනම් ප්‍රශ්නයක් නෑ... දැන් ඔයා රෙස්ට් කරන්න.. ම්ම්.. පස්සෙ අපි කතා කරමු..."

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now