MY YOU | 10

242 58 0
                                    

   

       සෝහගෙ ඔම්මා අප්පා දෙන්නම ජීහුන් ලග ඉන්න නිසා සෝහා දුර්වල උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

       සෝහගෙ ඔම්මා අප්පා දෙන්නම ජීහුන් ලග ඉන්න නිසා සෝහා දුර්වල උනා. කරන්න දෙයක් නැතිම නිසයි එලියට ඇවිත් පරිවර්තනය වෙලා ආපහු එන්න පිටත් උනෙ. ඒ වෙනකොටත් උදේ වෙන්න කිට්ටු නිසා සෝහට ඕන උනෙ ඉක්මනට යාගන්න.. මීදුම අතරින් පියාඹලා සෝහගෙ කාමරේට ඇවිත් ආයෙත් පරිවර්තනය වෙලා එහෙමම බිම හාන්සි වෙලා හිටියා. සෝහගෙ ඇස් වලින් බේරෙන කදුළු කැට හෙමින් හෙමින් කම්මුල් අතරින් බිමට රූටා වැටුනා...

"සෝහා...??..."

බිම එහෙමම වැතිරිලා හිටිය සෝහා ගැස්සුනේ කාමරේට ආපු ජන්කුක්ගේ කටහඩ නිසා.. ඔලුව උස්සලා ජන්කුක් දිහා බලපු සෝහාගෙ ඇස් වල තිබ්බ කදුළු නිසා ජන්කුක්ගේ මූණෙ තිබ්බ ඉරියව් වෙනස් උනා.

"මොකද තමුසෙ ඔහොම ඉන්නෙ..?? ආහ්...

"මං ප්‍රශ්නයක් ඇහුවා...? උත්තර දෙනවා... සෝහා...??"

ජන්කුක්ගේ කටහඩෙ සද්දෙ වැඩි වෙන්න ගත්තම සෝහා වේළුණු තොල් ටිකක් තෙමලා ගත්තෙ දැන් වචනයක් වත් පිටවෙන්නැ කියලා දන්න නිසා...

"මට යන්න ඕනෙ ජන්කුක් ...."

"කොහෙද..??"

"මාව මොකටද තියන් ඉන්නෙ...?"

"තමුසෙට තියන ආදරේකට තියන් ඉන්නෑ.. තමුසෙ ඇටෑක් කරේ මේ vampire kindom එකෙ King ට.. ඒනිසයි තමුන්ව තියන් ඉන්නෙ...."

"හහ්.. මෙහෙම??..."

සෝහගෙ සිනහාමුසු ප්‍රශ්නය නිසා ජන්කුක් ගෙ මූණෙ ඇදුණෙ ප්‍රශ්නාර්ථ ලකුණක්..

"ජන්කුක්.. ඔයාගෙ හතුරෙක්ව ඔයා මෙහෙම තියන් ඉන්නවද..ආහ්..?? මෙහෙම නිදහසෙ...??"

සෝහාව vampire kindom එකට ගෙනාපු මුල් දවස් ටිකෙ ආරක්ෂාව තර කරලා සෝහව හිර කරලා තිබ්බත් දැන් සෝහා ඉන්නෙ නිදහසෙ... ඒත් ඒ නිදහසම සෝහගෙන් ජන්කුක්ට කරදරයකට මුලපිරීමක් කියලා සෝහට දැනුනා... සෝහගෙ ප්‍රශ්නය එක අතකින් හරි.. ජන්කුක් මීට කලින් ජන්කුක් ට attack එකට ආපු කිසිම හතුරෙක්ව නිදහසෙ තිබ්බෙවත්, පණ පිටින් ආපහු යැව්වෙවත් නෑ.... ජන්කුක් දිහා බලන් ඉදියෙ උත්තරයක් එනකන්.. ඒත් නිරුත්තර උන ජන්කුක් ආයෙම එලියට යන්න හැරුනා..

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now