MY YOU | 08

310 63 11
                                    





"එයාගෙ ලස්සන.....?"

"ඇත්තටම මේ moon angel ද.....?"

"ඒක වෙන්නෙ කොහොමද...?"

"ඇයි එහෙම නොවෙන්නෙ..?"

"මූන් ඒන්ජල් මොකටද මෙහෙ ඉන්නෙ..."

"අපි එක්ක සෙල්ලම් කරන්නනේ..."

"එයා ඒ නැගිටිනවද...?"

"ඔව්... ඔව්..."

සෝහට අමුතු අමුතු අලුත් කටහඩවල් ටිකක් ඇහෙන්න ගත්තා. ඇගට දැනෙන අමුත්තක් එක්කම ඇස් හීන් කරලා හෙමීට අරින්න ගත්තෙ සෝහා ඉන්න ලොකු කාමරේ ඇද වටේටම අලුත් පුංචි මූණු ටිකක් තියන නිසා...

"කවුද ඔයාලා.......?"

"ඉහිම්...🤗"

ඉක්මනට ඇදෙන් බහින්න ගියත් ඇද වටේම පුංචි පුංචි ගෑණු ලමයි පිරිමි ලමයි ගොඩක් සෝහගෙ ඇද වටේටම ඉදන් ලස්සනට හිනා වෙලා ඉන්නවා... දැක්කම ආස හිතුනත්.. සෝහා ඉක්මනට වටපිට බැලුවත් සෝහා ඉන්නෙ ජන්කුක්ගේ ගෙදර නෙවෙ කියලනම් මේ වටපිටාව දැක්ක ගමන් තේරුනා... සෝහගෙ අතේ තිබ්බ දම්වැල අයින් කරලා.. ඒත් අත තාමත් රතු වෙලා තියෙනවා දැක්කා....

"චීනූ... චීනූ....."

"ඔම්මා......"

"ඔයා මොකද මෙහෙ කරන්නෙ.. ජන්කුක් මාමගෙන් ගෙන් බැනුම් අහන්න වෙයි..."

"චොම්මල් චොම්මල් මියාන්හෙයෝ ඔම්මා..."

"දුවන්න.. දුවන්න.. එලියට යන්න.. සෝහා නැන්දට ඉන්න දෙන්න.."

සෝහා හිටපු කාමරේට ආපු ලස්සන ගැහැණු කෙනෙක් එතන හිටපු පුංචි ගෑණු ලමයි ටිකවයි පිරිමි ලමයි ටිකවයි ඉක්මනට පහලට යැව්වා.. එකම සයිස් එකෙ සූටි සූටි ලමයි ටික දිහා සෝහා බලන් හිටියෙ කටත් ඇරන්. ගොඩක්ම සෝහා පුදුම වෙලා බලන් හිටියෙ සෝහව මේ හැමෝම දන්න නිසා.. අනික...

"ජන්කුක්...??"

"............ඔයා දැන් ටිකක් විවේක ගන්න සෝහා.. මම ඔයාට කෑමත් අරන් පස්සෙ එන්නම්..."

"ඔහොම ඉන්න ටිකක්.. මේ මොකක්ද වෙන්නෙ..? ඔයා කවුද කොහොමද මාව දන්නෙ.. එතකොට ජන්කුක්? ජන්කුක් කෝ...."

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Onde histórias criam vida. Descubra agora