MY YOU 12

264 62 7
                                    






ජන්කුක්ගේ හෘද ස්පන්දනය වේගෙන් ගැහෙන්න පටන් ගත්තේ ජීහුන් ලග දුර්වල වෙලා ඉන්න ඇයව දැකලා..' ඔව්..' ජන්කුක් මෙච්චර කල් හොයපු ඇයයි.. ඒ....

ශේරා...." ගේ අලුත් ආත්මය.. ජන්කුක්ගේ ඇත්තම ආත්ම සහකාරිය......




"ශේ..රා.... ශේ.. ශේ..රා... ඒ මගෙ... ශේරා....."

"ශේරා....??? මේ උබෙ ශේරද ජන්කුක්......."

"මගෙ... මගෙ ශේරා....."

"එතකොට උබ ඔය ලග ඉන්න කෙල්ල....."

ආරක්ෂකයින් ජීහුන් ගාවට අරන් ආවේ එක ගෑණු ලමයෙක්ව.... එයාගෙයි ජන්කුක් ගාව ඉන්න සෝහගෙයි අතර කිසිම වෙනසක් පේන්න තිබුනෙ නෑ. දෙන්නම එකවගේ... ජීහුන් බෙල්ල වටෙ අතදාලා ඔහුට තද කරන් හිටිය ගෑණු ලමයා එතරම් හොදකින් හිටියෙ නෑ.. ශරිරයම පන නැතුව ජීහුන්ට වාරු වෙලා හිටියෙ.. මෙච්චර වෙලා ලග හිටිය සෝහා දිහා බලපු ජන්කුක් දැක්කේ සෝහත් පුදුමෙන් වගෙ ඒ දිහා බලන් ඉන්නවා...

මේ සෝහා වගේම ගෑණු ලමයෙක් ඒත් ඒ කොහොමද... ජන්කුක් සෝහව ඇතෑරලා ඉස්සරහට ආවත් ජීහුන් අතේ ඉදපු ගෑණු ලමයගෙ බෙල්ල තවත් තද උන නිසා ජන්කුක් ආයෙම එක අඩියක් පස්සට ආවා....

"එපා... එපා... ජීහුන්.... කියපන්.... උබට මොනාද් ඕනේ...."

"අහ්.. මෙන්න... පලවෙනි පාරට අති උතුම් ජන්කුක් අහනවා 'මගෙන් මොනාද ඕනේ කියලා... ?? "

"ජීහුන්....."

"සද්දෙ අඩු කරගනින් ජන්කුක්......"

"කියපන්... මොනාද ඕනේ උබට... කියපන්.. මට...."

"දනගහපන් මෙතනින්.... මේ දැන්ම...... නැත්තම්....."

ජීහුන්ගෙ ආරක්ෂකයෙක් අත තිබ්බ 'බල කඩුවේ කොපුව විවර වෙනවා සද්දෙ ඇහුනම ජන්කුක් දැක්කා ඒක ජීහුන්ගෙ අණක් කියලා. ජන්කුක් ගන් එක බිම දාලා අත් දෙක ඔලුවට බැදන් එතන දන ගැහුවේ ජීහුන් ලග ඉන්නෙත් එයාගෙම හදවතෙ කොටසක් කියලා දැනටමත් දන්න නිසා... ජන්කුක් BLACK VAMPIRE KINDOM එකෙ අධිරාජ්‍යා ට දන නවන්න උන නිසා ජන්කුක්ගේ සියළුම ආරක්ෂක සෙබළුන් ආයුධ සියල්ල පසෙක දාලා ජන්කුක් වගේම දන නැව්වම ජීහුන් ඔහුගේ වියරු තියුණු ඇස් වල සතුට රදවගෙන මහ හයියෙන් හිනා වෙන්න උනා..... ජන්කුක් මේ කිසිවක් ගනන් නොගෙන තාමත් බලන් ඉන්නෙ ජීහුන් ලග සිටින ඇය දිහා... ඇය සෝහා වගේමයි... ඇය ඒත් සෝහාට වඩා ටිකක් සුදුමැලියි.... දුර්වලයි... මේ ඇත්තටම ජන්කුක්ගේ ශේරාගෙ ආත්මයෙ නව උපත... ඇය ජන්කුක්ගේ මේ ආත්මයේද සහකාරිය... මෙතුවක් කල් ජන්කුක් හැම තැනකම හෙව්වෙ ඇයව... ඒත්... ඇය ඇත්තටම මෙච්චර කල් කොහෙ හිටියද ජීහුන් ගාව කොහොමද ඉන්නෙ... ඇය හොදින්ද....?? ජන්කුක්ගේ ඇස් මොහොතකටවත් ඉවතට නොගෙන ඇය දිහාම බලාගෙන හිටියා....

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now