MY YOU|3

358 79 11
                                    

"සෝහා බබා..! නැගිටින්න.. හොදටම පරක්කුයිනේ..."

"අනෙ.. තව පොඩ්ඩක් නිදාගන්න දෙන්නකො....."

"ඔච්චර නිදිමත ඇයි සෝහා බබා..!ඔයා ඊයේ වෙලාසන නිදාගන්න ආවනෙ.....?!"

"....අයියෝ.. විනාඩි පහක් දෙන්න....."

"ඔයාගෙ ඔම්මා එන්න කලින් නැගිටින්න... සෝහා බබා.. කෝ ආයෙමත් නිදිද ආ....?!"

"ආයිශ්.. ඔයත් අපෙ ඔම්මා වගේමයි.. අප්පට කියලා වෙන අජුම්මා කෙනෙක් ගෙන්නගන්නවා ඉන්නකො..."

"අනෙ සෝහා බබා..."

"ආහ්හ්..තව ටිකක් නිදාගන්න ඕනෙ..."

"මේ මොනවද සෝහා බබා?? මේවා ඇන්දෙ කවද්ද? මං හේදුවනෙ බබාගෙ රෙදි ඊයේ..."

"ආහ්හ්... මොනාද කියවන්නෙ..."

"මේ කූඩේ..."

"ඕක තියන්න.. තියන්න කිව්වම තියන්න... මං අස් කරගන්නම්.. ආජුම්මා ගිහින් වැඩක් බලාගන්න..."

සෝහාගෙ කාමරේ තිබ්බ කිළුටු ඇදුම් කූඩෙ තිබ්බ රෙදි වගයක් අවුස්සපු ආජුම්මට සෝහා කතා කරේ ටිකක් සැරෙන්... ආජුම්මා මොකුත් නොකියා එලියට ගියාම.. ආයෙමත් චුට්ටක් වෙලා pillow එකක මූණ ගහන් ඉදලා.. බෙඩ්ශීට් එකත් ඔලුවෙ ඉදන් පෙරවන් ඉදලා ඇදෙන් බැහැලා වොශ් රූම් එකට ගියෙ ඇස් දෙකත් පියාගෙනමයි...

සෝහා කියන්නෙ හුරතල් දගකාර කටකාර කෙල්ලෙක්.. සෝහා ඉන්නෙ ඔම්මයි අප්පයි අජුම්මයි එක්ක.. බුසාන් වල... සෝහා ඉගෙනගන්නෙ Dong-a University - Seounghak Campus එකේ low student කෙනෙක් විදිහට.... Low student කෙනෙක් කිව්ව එකට සාධාරණයක් කරන්නමද කොහෙද කට නම් සෝහට හොදට පිහිටලා තියෙනවා....

"සෝහා..??"

"ඕ ඔම්මා මේ එනවා..... ගුම්මොනිම් ඔම්මා.... අප්පා..."

සෝහා කොන්ඩෙත් බැද බැද පහලට ඇවිත් ඔම්මවයි අප්පවයි හග් කරලා කෑම මේසෙන් ඉදගත්තා......

"ඔයා ඊයේ කොහෙහරි ගියාද දුව...??"

"කැහ්හ් කැහ්හ්...🗣️ ම්ම් නෑ අප්පා.. ? ඇයි එහෙම ඇහුවෙ..?"

"ම්ම්.. නෑ නෑ.. මොකුත් නැහැ...."

"ආ... මං කොහෙවත් ගියෙ නෑ අප්පා..."

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now