MY YOU 11

261 63 6
                                    

"ඕක කරන්න එපා සෝහා... ඕක කරන්න එපා....."

"අහ්හ්......"

'බලකඩුව' අත තියන්න යනකොටම පිටිපස්සේන් ඇහුන කටහඩට සෝහා තිගැස්සුනා. පුදුමෙන් ඉක්මනට පිටිපස්ස බලද්දි හිටියේ අජුම්මා, නැත්තම් සෝහගෙ බාරකාර මව. අමුතු දිස්නයකින් දිලිසුන අජුම්මා වෙනදටත් වඩා ලස්සනට පෙනුනා..

"අජුම්මා.... ඔයා... ඔයා මොකද මෙතන කරන්නෙ..."

"ඔයා කරන්න යන්නෙ මොකක්ද කියලා දන්නවද සෝහා...?? "

"මං දන්නවා.. මං දන්නවා අජුම්මා... මං දන්නවා... ඒත්.. මට වෙන කරන්න දේකුත් නෑ... අජුම්මා...."

අජුම්මා ඉස්සරහට අඩාගෙන බිම දන ගහගත්ත සෝහා ඉකි ගහන්න ගත්තා....සෝහා ලගට ආපු අජුම්මා සෝහා ලගින් ඉදගෙන ඔලුව අත ගෑවම සෝහා ඇස් දෙකත් පියන් අජුම්මගෙ තුරුළට උනා..

"මං මොකක්ද කරන්න ඕනෙ.. අජුම්මා.. කියන්නකො.. ඇයි මට මෙහෙම වෙන්නෙ.. ජන්කුක් ට ඇයි මං කවුද කියලා තාම දන්නැත්තෙ...."

"ඒකට වෙලාව එන්නෝනෙ සෝහා.. මං ඔයාව මෙච්චර කාලයක් බාරකාර අම්මා විදිහට බලාගත්තා... දැන් ඉතින්.. මට කරන්න කිසිම දෙයක් නෑ...."

"අජුම්මා...."

"ඔයා ට හරි කියලා හිතෙන දෙයක් කරන්න මගෙ දරුවෝ......"

සෝහා හෙමින් ඇස් අරිනකොට ලග හිටිය අජුම්මා පේන්න හිටියෙ නෑ.. ඉක්මනට නැගිටලා වටපිට බැලුවත් කවුරුත් ම හිටියෙ නෑ... ඇවිත් තිබුණ කදුළු පිහදාන් වීදුරු ආවරණයෙන් වහලා තිබ්බ කඩුව ලගට ඇවිත් සෝහගෙ අත් වීදුරුව උඩින් තිබ්බම ඉබේම ආවරණය ඉවත් උනා.. කොපුවක රදවලා තිබ්බ මේ කඩුව දිහා සෝහා ටිකක් වෙලා බලන් ඉදියා... සෝහා මීට කලින් සිහිනෙන් දැකපු විදිහට මේක සෝහව පෙර ආත්මේ විනාශ කරපු කඩුව... කඩුව රදවනයෙන් අරගන්නවත් එක්කම මුළු අහසම කළුවලාවෙන් පිරිලා යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. අහසම දෙදරලා යන්න විශාල එලියක් එක්ක අකුණක් වැදිලා.. කෙමෙන් කෙමෙන් වැස්ස පටන් ගන්න පටන් ගත්තා.......

සෝහා කඩුව අරගෙන ඈත කෙලවරෙ පේන නිවි නිවි පත්තු වෙන ආලෝකය දෙසට දුවගෙන ආවා... මේ බිම්මහලේ කෙලවර පිටවෙන දොරටුව පිහිටලා තිබ්බ ස්ථානයයි.. සෝහා එතනින් එලියට එන්න දුවගෙන ආවත් එතන තිබ්බ යකඩ ගේට්ටුව නිසා යන්න උනෙ නෑ.. වටපිට බැලුවේ මේ ලොක් එක ගලවගන්න පුලුවන් ක්‍රමයක් හොයන්න. ඒත් දැන් ඒකට වෙලාව ගොඩක්ම අඩුයි. මේ වෙනකොට මේ ගැන Kindom එකෙ අය දැනගන්න ඉඩ තියෙනවා. කරන්න දෙයක් නැති නිසා ටිකක් පස්සට ගිහින් අතේ තිබ්බ කඩුවෙන්ම ලොක් එක කැඩිලා යන්න පාරක් එල්ල කරා.

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now