MY YOU | 5

298 66 17
                                    

ලොකු වේදනාවකින් ඇස් ඇරිය සෝහට වටපිටාව හැමදේම පේන්න ගත්තෙ බොදවෙලාවගෙ පේන්න ගත්තෙ.. කෙමෙන් කෙමෙන් ඇස් දෙක ඇරියම ඔම්මා ලගට වෙලා නිදාගෙන ඉන්නවා දැක්කම ඔම්මගෙ අතින් අල්ලගත්තා.....

"ඔම්මා..."

"සෝහා......."

"ම්ම්.... ඔම්මා.... මොකද මට උනෙ.."

"දැන් කොහොමද....."

"ම්ම්.. මගෙ අත.. රිදෙනවා..."

සෝහව නැගිට්ටලා ඇදෙ හෙඩ්බෝර්ඩ් එකෙන් හේත්තු කරා... අජුම්මා ගෙනත් දීපු Coffee එක බොන්න ගත්තා. 

"මොකද අජුම්මා..."

"අහ් ! නෑ.. සෝහා බබාට දැන් සනීපයි නේද..."

"ඔව්.. මම හොදින් ඉන්නවා..."

"සෝහා.. දරුවො ඔයා නැගිටලා එහෙනම්..."

"ඇයි අප්පා.. හැමෝම මොකද බය වෙලා වගෙ බලන් ඉන්නෙ......?"

කාමරේට ආව අප්පත් සෝහගෙ දුක සැප අහන් ආපු නිසා සෝහට ඒක අපහසුවක් වගෙ දැනුනා.. ඇදෙන් බැහැලා කර්ට්න්ස් ඇරන් බැල්කනියට එන්න හැදුවෙ...

"ආහ්හ්හ්..  ඔම්මා.. ආහ්වු......."

සෝහගෙ කෑගැහිල්ලත් එක්කම කොෆි මග් එක බිමට වැටිලා කුඩුවෙලා ගියා... කර්ට්න්ස් ඇරියම ඇගට වැටුන එලිය සෝහට දරාගන්න බැරුව සෝහා අත් දෙකත් වකුටු කරන් පස්සෙන් පස්සට එනකොට අප්පා කර්ට්න්ස් වැහුවම ටිකක් සනීපයක් දැනුනත් සෝහගෙ ඇගෙන් දැවිල්ලක් දැනෙන්න ගත්තා..

"සෝහා.. මොකද උනෙ... ආ.."

"ම්ම්... ඔම්මා.. නෑ.. මං මේ.. මගෙ අත් දෙක දනවනෙ..."

"කෝ ඔයාගෙ chain එක සෝහා...?"

"අප්පා.. ඒක.. මේ.. කෝ.. ඒක තිබ්බනෙ.."

සෝහා බෙල්ලෙ අත යවලා chain එක හෙව්වත් තිබ්බෙ නැහැ. ඔම්මා මොකක්ද cream එකක් ගෙනත් බිම ඉදන් ඉන්න සෝහගෙ අතෙ අදුරු පැහැයට ලක් වුනු තැන්වල ගෑවා.

"ඔම්මා.. මං university යන්නෝනනෙ..."

"ඔයා කොහෙවත් අදින් පස්සෙ යන්නෑ සෝහා.."

"අප්පා.....?? ඇයි..."

"ටික දවසක් ඉන්න..."

මෙහෙම ඉද්දි කොහොමත් සෝහට එලියට යන්න දෙන්නෑ කියලා සෝහට තේරුණ නිසා අප්පා එක්ක වාද කරන්න ගියෙ නෑ. ඇදට හේත්තු වෙලා. අජුම්මා කාමරෙ අස් කරනකන් ඔහෙ බලන් හිටියා..

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now