MY YOU | 9

300 67 3
                                    

සෝහා ආවෙ එයාගෙ ගෙදර කාමරේට. සෝහා බැල්කනියට ඇවිත් පරිවර්තනය වෙලා කාමරේට ඇවිදන් ආවා. කාමරෙ පුරාම අදුරක් තිබ්බත් ඒක මැකි ගිහින් තියෙන්නෙ හද එලිය නිසයි.. සෝහගෙ කාමරෙ එදා තිබ්බා වගේමයි. ඒත් අමුත්තක් තේරුන නිසා ඉක්මනට සෝහට ඕන උනෙ ඔම්මවයි අප්පවයි බලන්න.

"ඔම්මා............."

"අප්පා.................."

"ඔම්මා..............."

"අජුම්මා.................."

"ඔයාලා කොහෙද...."

සෝහා පඩිපෙල දිගේ පහලට කතා කරගෙනම ආවම ගෙදර ඇතුලෙ තිබ්බ නිහැඩියාව බිදිලා ගියා. Living room එකත් පහල කාමර ඔක්කොගෙම බැලුවත්  සෝහට කවුරුත් ම හම්බුනෙ නෑ.. එලියට යන්න ආපු සෝහා නැවතුනේ kitchen එකෙන් ආපු සද්දෙත් එක්ක. තියුණු කන් වලට ඇසුන ශබ්දයත් එක්ක සෝහට තේරුනේ කවුරුහරි අමුත්තෙක් ගෙදර ඉන්නවා කියලා.

"කවුද ඉන්නෙ....."

ටිකෙන් ටික ඉස්සරහට ආපු සෝහගෙ එකපාරටම ඇස් නිල්පාටට හැරෙන්න ගත්තා. ඒත් එක්කම වේගෙන් ආපු පුද්ගලයෙන් සෝහගෙ බෙල්ල තදින් අල්ලගෙන සෝහව ගිහින් බිත්තියට තියලා එකපාරටම තද කරා. ඒත් එක්කම ක්‍රියාත්මක උන සෝහා ඔහුගෙ බඩට දුන්න පයින් පාරත් එක්ක සෝෆා එක ත් පෙරලන් ගිහින් විසික් උනා.

ඇස් දෙක තරහෙන් ඇරලා සෝෆා එකට පයින් පාරක් දීලා බිම විසික් උන මිනිහගෙ කකුලකින් අල්ලගෙන බෙල්ලට සෝහගෙ කකුලක් තියලා තද කරලා අල්ලගත්තා.

"කවුද උබලා.??? ආ... කවුද උබලා...? කෝ මගෙ ඔම්මයි අප්පයි...??"

ආයෙම පයින් පාරක් දෙන්න හදනකොට සෝහට තේරුනා සෝහව වට කරන් ඉන්නවා කියලා. සෝහා ඔලුව උස්සලා බලනකොට දැක්කෙ හැඩි දැඩි පුද්ලයින් කිහිපදෙනෙක් ගන්ස් වෙපන්ස් තියාගෙන සෝහට ඇටෑක් කරන් ඉන්නවා.

"මිස් ඔය මුරණ්ඩු කම් අතෑරලා අපි එක්ක ආවොත් නරකද???"

"කවුද උබලා..? මං මොකටද උබලා එක්ක එන්නෙ...??"

"ඒක මිස්ට ගියාම තේරෙයි..."

"හහ්..."

සෝහා කටකොනෙකින් හිනාවෙලා. කකුලට පාගන් හිටපු ආරක්ෂකයට වැරෙන් පහරක් එල්ල කරාම. ඉදිරියේ ඉදපු ආරක්ෂකයින් සෝහා එක්ක attack එකට ආවම සෝහා ඒ හැම කෙනාටම ප්‍රතිප්‍රහාර එල්ල කරෙ සෝහගෙ තියන බලයත් ප්‍රයෝජනයට ගන්න ගමන්. ආරක්ෂකයින් සියල්ලම බිම පෙරලපු සෝහා කෙදිරි ගගා ඉදපු ආරක්ෂකයින්ගෙන් ගත්තු ගන්ස් දෙකක් අරන් බිම ඉදපු ආරක්ෂකයකු ලග ඉදගෙන ඔලුවට ගන් එක තිබ්බා.

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now