ඇගෙ උදරයෙන් ගලාගෙන යන රුදිරයෙන් ඔහුත් ඇයත් නැහැවිලා ඉන්නෙ.... ඔහු කොතෙක් උත්සහ කරලද ඇගෙ උදරයෙන් වහනය වෙන රුධිරය නවත්ලාලිය නොහැකි වන්නෙ මන්ද.. ලේ තැවරුණ දෑත් වලින් ඇය වාරු කරන් ඉන්න ඔහුගෙ මුහුණ අල්ලගත් ඇය.......
"ජන්කුක්...දැක්කනෙ.. ඔයා හරි... මම මැරෙන්නෙ ඔයා නිසා නෙවෙ....."
"නෑ ඔයාට මාව දාලා යන්න බෑ... යන්න බෑ.. මාව දාලා යන්න එපා...."
"මම හැමදාම ඔයාගෙ... ඒත්.. මට මේ ජීවිතෙන් යන්න ඉඩ දෙන්න... "
"බෑ දැන් ඔක්කොම හරි... ආයෙත් එන්න.. යන්න එපා.... ශේරා...."
"මාව ඇවිත් හොයාගන්න ජන්කුක්... මං දන්නවා ඔයා මාව හොයාගන්නවා..... මේ කරදරකාරි.... ලේ මට නැති වෙයි මගෙ අලුත් ලෝකෙක ඔයා එක්ක සතුටින් ඉදී...... ගොඩක් ආදරෙයි මගෙ ජන්කුක්......"
"ශේරා........................"
"ජන්කුක්...................."
"සෝහා සෝහා...... ඔයා.. ඔයා.. හොදින්ද... Doctor..."
"........ ජන්කුක්... ජන්කුක්......"
සෝහා උදේම සිහිය එනකොටම හීනෙකින් බය වෙලා වගෙ කෑගහගෙන නැගිටිනකොට නම්ජුන් තාමත් එයා ගාව හිටියා.. සෝහා ජන්කුක් ගෙ නම කියාන අත දිගෑරන් නැගිට්ටම සෝහා ලග ඉදන් හිටපු නම්ජුන් එකපාරටම ගැස්සිලා සෝහා ගාවට ගිහින් එයාගෙ අතින් අල්ලගත්තා. සෝහා ඉන්නෙ ගොඩක් බය වෙලා.. ඒනිසා ආයෙම සෝහව ඇදෙන් හාන්සි කරවලා Doctors ලට එයාව පරික්ෂා කරන්න ඉඩ දුන්නා......
"සෝහා.. ඔයා හොදින් නේද........"
"හ්‍යුන්.. ජන්කුක් කෝ..."
"එයා එයි.. සෝහා.. ඔයාට කොහොමද.."
"ම්ම්.. මට ප්‍රශ්නයක් නෑ.. ටිකක් රිදෙනවා..."
"තව ටිකක් තුවාලෙ ඉබෙ හොද උනාම.. ජන්කුක්ට පුලුවන් ඕක නැති කරන්න.."
"ම්ම්...."
නම්ජුන් සෝහගෙ ඉනෙ තියන තුවාලෙ ගැන කිව්වම සෝහගෙ මූණෙ හිනාවක් ආවා වගේම ඒ වෙලාවෙම සෝහගෙ මූණෙ හිනාව නැති උනා... එයාගෙ ඇස් වල තිබ්බ කදුළු තුවාලෙ වේදනාවෙන් නොව ඇය මෙච්චර වෙලා සිහිනෙන් දුටු දේ නිසා කියලා සෝහට තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.. ඒත් සෝහට එකපාරටම මතක් උනෙ.....
YOU ARE READING
𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊
Fanfictionනිවුන් සහෝදරියන් දෙදෙනෙක් අතර දෝලනය වන ඔහුගේ ආත්මීය ආදරය ᥫ᭡* [New Chapter Updates are given every Saturday and Wednesday.]