MY YOU |13

256 60 14
                                    

     හොස්පිටල් එකට එනකොටම දැනුම් දීලා තිබ්බ නිසා Doctorsලා ලෑස්ති වෙලා හිටියෙ. මේක ජන්කුක්ගේ vampire kindom එකට අයිති හොස්පිටල් එකක්.. ජන්කුක් සෝහව කාර් එකෙන් උස්සගෙන අරන් එතන trolley එකෙන් තිබ්බම ඉක්මනට සෝහව එක්කන් ගියෙ emergency unit එකට ජන්කුක් ඒ පස්සෙන්ම ඇවිත් unit එකට ඇතුලත් කරන Door එකෙන් සෝහව ඇතුළට ගන්නකොට කෙල්ල ජන්කුක්ගේ අත අල්ලගත්තේ හයියෙන් හුස්ම ගන්න ගමන්... ඒවෙනකොටත් සෝහගෙ ඉන හරියෙන් ගලාගෙන ආපු ලේ බිම වැටිලා.. ජන්කුක් ඒත් සෝහගෙ ලේ යන එක නතර කරන්න හැදුවත් ජන්කුක් ඒක කරන්න බෑ...

".............හ්හ්හ්හ්.... ජ...න්...කු...ක්......"

"මොකුත් වෙන්නෑ ඔයාට......."

"................................"

"මං ඉන්නවනෙ.... සෝහා..."

"Jungkook දැන් මෙයාව ඇතුලට ගන්න්නෝන..."

"අහ්.. හරි ගන්න....."

ජන්කුක්ගේ අත සෝහා තදින්ම අල්ලගෙන ඉන්නෙ.. ඒත් සෝහව දැන් ඇතුලට ගන්න ඕන නිසා සෝහගෙ අත ජන්කුක්ගේ අතින් අයින් කරාම ඉක්මනට එයාව ඇතුලට ගත්තා..... ජන්කුක් ගෙ අතේ, ඇදුම් සේරගෙම සෝහගෙ ලේ වලින් තෙමිලා ඉන්නෙ....

"ජන්කුක්....."

"හ්‍යුන්....... කෝ එයා....."

"එයාවත් වෝඩ් එකකට දැම්මා ජන්කුක්.. එයාව ගොඩක් දුර්වල වෙලා ඉදලා තියෙන්නෙ..."

"මොකක්ද හ්‍යුන් මේ වෙන්නෙ... ඒ දෙන්නම එක වගෙ වෙන්නෙ කොහොමද හ්‍යුන්..."

"මෙතන මොකක් හරි දෙයක් තියෙනවා.. හොයාගන්න ඕන...."

"අහ්... හ්‍යුන්.. ජීහුන්ගෙ බලකොටුවෙ හිටිය සෝහගෙ ඔම්මයි අප්පයි......."

"ඔව්.. ඒ දෙන්නව අපෙ සේෆ් හවුස් එකෙ ඉන්නෙ.. මොකද ඒ දෙන්නා ජීහුන්ගෙ රාජධානියෙ black vampires ලා දෙන්නෙක්..."

"එතකොට සෝහා....??"

"සෝහත් black vampire කෙනෙක් වෙන්න පුලුවන්... මට හිතෙනවා ජන්කුක් සෝහගෙ ඔම්මගෙනුයි අප්පගෙනුයි මොනාම දෙයක් හරි දැනගන්න පුලුවන් වෙයි කියලා..."

"ම්ම්හ්....."

නම්ජුන් ජන්කුක්ගේ පිටට තට්ටුවක් දැම්මෙ ජන්කුක් මේ වෙලාවෙ ඉන්නෙ ගොඩක් පටලැවිලි සහගතව නිසා. සෝහා වගේම ඉන්න ජන්කුක්ගේ මේට් වත් මේ hospital එකේදීම ට්‍රීට්මන්ට් දුන්නා... ඒත් ජන්කුක් සෝහා ඉන්න emergency unit එක ලගින් හෙලවුනේවත් නෑ... දනිස් දෙකෙ වැලමිට දෙක ගහන් ඔලුවෙ අත තියන් මේ ප්‍රශ්න කොහොම විසදගන්නද කියලා කල්පනා කර කර ඉන්නෙ.

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now