MY YOU |6

279 60 6
                                    


"ගාඩ් එක Room එකට පහල garden එකෙනුත් දාන්න.."

"හොදමයි ප්‍රින්ස්...."

ජන්කුක් door එක lock කරන් එන ගමන් ගාඩ් එක දාලා අතෙ තිබ්බ chain එක අරන් බලලා ආයෙම ඒක සාක්කුවට දාන් ඊට එහා පැත්තෙ තිබ්බ room එකට ආවා...
ඇද ලග ටේබල් එක උඩ තිබ්බ පුංචි box එකක් ගත්තෙ chain එක දාන්න.  Chain එක දැක්ක වෙලාවෙ ඉදන් ඒක සාමාන්‍ය chain එකක් නෙවෙ කියලා තේරුනා. ඒක ගැන පස්සෙ හොයන්න හිතාගෙන පුංචි  box එකට දාලා ඒක ලාච්චුවකට දාලා වැහුවා... ජන්කුක් ඇදට ඇවිත් ඇස් දෙක පියාගත්තත් නින්ද ගියෙ නෑ.. නිතරම මැවුනෙ ඒ සිනිදු කෙස් අතරින් දැක්ක නිල් පාට ඇස් දෙක...

"........................"







_____________________•

"සෝහා බබා....."

අජුම්මා උදේම සෝහගෙ coffee එක අරන් ආවෙ ඊයෙ දවසම සෝහා පහලටවත් ආවෙ නැති නිසා. අජුම්මා කාමරෙ දොරත් ඇරලා ඇතුලට ආවත් කාමරෙ පේන්න නම් සෝහා හිටියෙ නෑ.. coffee එක table එක උඩ තියලා වොශ් රූම් එකෙ දොරට තට්ටුවක් දැම්මත් කිසිම පිලිතුරක් නැති නිසයි වොශ් රූම් එකෙ දොර ඇරලා බැලුවෙ.... ඒත්...

"මැඩම්.. මැඩම්.. සෝහා බබා එයාගෙ කාමරෙ නෑනෙ..."

"මොකක්??? හොදට බැලුවද කියොන්..... ආයිශ්.. මේ කෙල්ල කොහෙ ගිහින්ද... යන්න ගිහින් මහත්තයට එන්න කියන්න..."

සෝහගෙ ඔම්මා ඉක්මනට දුවගෙන ආවෙ සෝහගෙ කාමරේට. ඒත් ආජුම්මා කියපු විදිහටම සෝහා කාමරෙ නැති නිසා ගොඩක් බය වෙලා වගේම දුවගෙන කාමරේට ආපු සෝහගෙ අප්පා ලගට ගියා..

"සෝ.. එයා නෑනෙ... මට බයයි..."

"මේ කෙල්ල ඇත්තටම කොහෙ ගිහින්ද.. එහෙනම් ඒ කතාව ඇත්ත..."

"මේක එයා දැනගත්තොත් අපි දෙන්නව ඉතුරු කරන එකක් නෑ සෝ..."

"මේක.. කාටවත් දැනගන්න තියන්න එපා. සෝහා ඉක්මනට ආයෙත් එයි. කියෝන්..."

"කියන්න මහත්තයා..."

"පහල ඉන්න සිකියුරිටි කාටවත් සෝහා ගෙදර නෑ කියලා කියන්න එපා.. එයාට මේ ටිකෙ අසනීපයි කියන්න... තේරුනාද.."

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now