MY YOU | 7

293 64 6
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ආ...එපා..... එපා.....ආ....ආ..............."



බිම්මහලෙන් ඇසෙන මාරන්තික වේදනාත්මක කටහඩ දෝංකාර දෙන්න ගත්තා... යකඩ දංවැලින් අත් දෙක බැදලා දාලා බිම්මහලෙ වහලයෙ එල්ලලා තියන සොන්ජුන් කෑගහන්නෙ මරණාසන්න වේදනාවකින්... ජින්හූගේ අණට කීකරු උන ඔහුගෙ වදකයින් සොන්ජුන් ගේ ශරීරය දැනටමත් ගිනි අලු වලින් බාගෙට පුච්චලා දාලා.. බිම් මහලෙ එල්ලා තියන බල්බ් එකෙන් අදුරු ආලෝකයෙන් දැනෙන රස්නෙත් සොන්ග්ජුන්ගේ තැන තැන පිච්චුන ශරීරය තවත් දැවෙන්නාක් මෙනි.....

'" උබට මැරෙන්න දෙන්නෑ.. උබ මැරෙන්න ඕනෙ.. ඒත් දැන්ම නෙවෙ......"

"උතුමාණෙණි.. වසර ගනනාවක් මම ඇයව බලාගත්තනෙ.. කිසිම වැරද්දක් උනෙ නෑ..."

"ඒත් දැන් කෝ.. දැන් කෝ දැන් කෝ ඒකී... කෝ උබෙ දුව කියලා හදපු එකී.. කෝ... සෝහා....??"

ජීහුන් තරහෙන් පුපුරණ ගමන් කෑගැහුවා.. බෙල්ලෙන් නහර ඉලිප්පිලා.. ඇස් රත් පැහැයට හැරවිලා....... සොන්ග්ජුන්ගෙ බඩට පයින් පාරක් ගැහුවම අත් වල බැදලා තිබ්බ දන්වැල් බිම් මහලෙ වහලෙන් ගැලවිලා සොන්ජුන් ගිහින් බිම් කාමරේ මුල්ලකට වැටුනා.. මුළු ශරීරයම වේදනා දෙන නිසාවෙන් හීන් කෙදිරියක් වත් පිටකරන්න ශක්තියක් නැතුව සොන්ග්ජුන් ඉන්නෙ....

"මූව බැදලා දාලා තියපන්.. මුගෙ ගෑණිවත් හිර කරපන්..."

වදකයින්ට අණ කරපු ජීහුන් බිම් මහලෙන් එලියට එන්න ආවා. මේක ජීහුන් ගෙ වදකාගාරය කිව්වොත් හරි.. බිම්මහලෙ කුඩා කුඩා කාමරවලින් ඇහෙන වේදනාත්ම කෙදිරිලි කෑගැසීම්.. තව සමහර විට ඇහෙන අවසන් වේදනාත්මක කෑගැසීම් ජීහුන්ගෙ රාජධානියේ කෲර පාලනයයි පෙන්නුම් කරන්නෙ....

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now