පරිච්ජේදය 1

848 149 55
                                    

මේ 21 වන ශතවර්ශය...ඒ වනවිට මායා  සත්වයන් මිනිස්සුත් එක්ක මිශ්‍ර වෙලා හිටියා. තවත් ඔවුන්ට හැංගිලා ඉන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.

වසර ගණනාවක් ගෙවී යාමත් එක්ක හැමදේම වෙනස් වෙලා තිබුණා.

මේට් බොන්ඩ් එකක් කියලා දෙයක් තවදුරටත් තිබුණේ නැහැ. ඇල්ෆාවන් ඔමේගාවන් අතෑර යන්න පටන් ගත්තාත් එක්ක ප්‍රතික්ෂේප වීම දුර්වල ඔමේගාවන්ට දරාගන්න හැකියාවක් ලැබුණේ නැහැ. සඳ දෙව්දුව ඒ නිසාම තවදුරටත් සහකරුවන් එකිනෙකා වෙනුවෙන් නිර්මාණය කරදැමීම නවතා දැමුවා.

ඒ නිසාම සාමාන්‍ය මිනිසුන්ට මෙන්ම ඔවුන්ටද කැමති සහකරුවෙක් තෝරාගැනීමට හැකියාව තිබුණා.

-------------------------------------------------------------

කලබලෙන් JJk ගොඩනැගිල්ලට යමෙකු ඇතුල් උනා. සේවකයන් ඔලුව නවලා ඇල්ෆාට ආචාර කරද්දි ඔහු හිස සෙලවීමකින් ඔවුන්ට පිළිතුරු දුන්නා.

නමුත් ඔහුගෙ ඔලුවෙ මේ වෙලාවෙ තිබුණේ එකම දෙයයි. ඒ කොයිතරම් සම්බන්ධ කරගන්න උත්සහා ගත්තත් සද්දයක්වත් නැති  
JJk corporation  එකේ CEO ගැන.

තරහෙන්ම CEO කියන බෝඩ් එක එල්ලලා තිබුණ දොර තල්ලු කරපු නම්ජූන් ඔෆිස් රූම් එක ඇතුළට ගියත් එයාට දකින්න ලැබුණේ නිදහසේ කකුල් දෙකත් මේසෙ උඩ තියන් ෆෝන් එකේ ඉන්න CEO ව.

කලු පාට සූට් එකට ඔහු තවත් කඩවසම්ව පෙනුනා.ලාවට මූණට වැටුන තරමක්  දිග කලු කොන්ඩේ ඒ කඩවසම් බව තවත් වැඩි කරලා පෙන්නුවා.

"ඔයා ළඟ ෆෝන් එකක් කියලා එකක් තියෙනවා නේද ? "

නම්ජූන් විහිලුවෙන් උනත් තරමක් කේන්තියෙන් කිව්වෙ තමන් කොයිතරම් කෝල් ගත්තත් ආන්ස්වර් නොකර ඒත් ෆෝන් එකේ ඉන්න ජන්කුක්ව දැකලා.

"නම්ජූන් හ්‍යුන්ග් ඔයා තරහ ගන්නෙපා.. ජින් හ්‍යුන්ග් අපි එනකම් චුට්ටක් බලන් හිටියා කියලා මුකුත් වෙන්නෑ."

ජන්කුක්ගෙ කිසි උද්‍යෝගයක් නැති වචන නම්ජූන්ව තවත් තරහ ගැස්සුවා.

"අහ් ඔව් ඔව් ජින් බලන් ඉඳී...අනිවාරෙන්ම.."
නම්ජූන් කේන්තියෙන්ම කතා කලා.

The Trueblood Where stories live. Discover now