පරිච්ඡේදය 9

428 119 34
                                    

ටේ ඔයා ඒක හිතලාම නේද කලේ?

ජිමින් කිව්වෙ තේහ්‍යුන්ග් එයා දිහා අහිංසක මූණක් දාලා බලන් ඉද්දි 

නෑ නෑ ඔය පපී අයිස් පෙන්නුවට මේ සැරේ නම් හරියන්නෑ.

ජිමින් අහක බලාගන්න ගමන් කිව්වම තේහ්‍යුන්ග් තොල් උල් කරගත්තා.

ඒ දෙන්නම හිටියෙ පාර්ක් එකට යන ගමන්. පොඩියට පටන් ගත්ත කතාව අන්තිමට නැවතුනේ තේහ්‍යුන්ග් ගෙ පර්ෆියුම් එකෙන්.

ජිමිනී.......මට ඇත්තටම පර්ෆියුම් එක අමතක උනා. ඇයි මං ඒක හිතලම අමතක කලා කියන්නේ... ?

තේහ්‍යුන්ග් හුරතල් විදියට මිමිණුවා.

ජිමින් හිනා වුනේ තමන්ගෙ යාලුවගෙ අතේ අහුවෙන බොරුව නිසා.

ම්ම්ම් මං හරියටම දන්නෙ නැහැ. සමහරවිට  trueblood  ඇල්ෆා කෙනෙක්ව පිස්සු වට්ටන්න?

ජිමින් දැනන් හිටියා තේහ්‍යුන්ග් ගෙ ප්ලෑන්ස් ඔක්කොම . ජන්කුක්ව රවට්ටන්න තේහ්‍යුන්ග් කරපු දේවල් මුල ඉඳලා අගටම එයා දැනන් හිටියා.මොකද තේහ්‍යුන්ග් කවදාවත් එයාගෙ යාලුවව ඒ ගැන අප්ඩේට් කරන්න අමතක කලේ නැති නිසා. ම්ම්.. එයාලා සෝල්මේට්ලා කියන්නෙ ඒකනෙ.

යාආඅ.!!!

තේහ්‍යුන්ග් හයියෙන් ජිමින්ගෙ අතකට පාරක් ගැහුවෙ හිනාවෙන ගමන්.

ඒත් ටේ.. ඒක හරිම අවදානම්. ඔයා දන්නවනෙ හේතුව. ඕවගේ වැඩ කරන්නෙපා ආයෙ.

ඒ සැරේනම් ජිමින් කතා කලේ සීරියස් විදියට.

මම හම්බවෙන්න යන්නෙ ටෲබ්ලඩ් කෙනෙක් ජිමිනි...කවුරුත් මට අත තියන්න තරම් නිර්භීත වෙන්නෑ.

තේහ්‍යුන්ග් ආඩම්බරෙන් වගේ කොණ්ඩෙ හද හද කියද්දි ජිමින් හිනාවුනා.

ඒකියන්නෙ ඔයා ඇත්තටම පර්ෆියුම් එක අමතක කලේ එයාව පිස්සු වට්ටන්න ?

ජිමින් ගෙ වචන වලට තේහ්‍යුන්ග් තක්කාලි ගෙඩියක් වගේ රතු උනා.

නෑ~~~~~

ජිමින් මහ හයියෙන් හිනාවෙන්න ගත්තෙ තේහ්‍යුන්ග් ගෙ රතු උන මූණ  ද්ක්කම.

The Trueblood Tahanan ng mga kuwento. Tumuklas ngayon