පරිච්ඡේදය 17

546 111 31
                                    

ජන්කුක් ගෙ මූණෙ මෘදු හිනාවක් පේන්න තිබුණා. අද ඇස් ඇරපු ගමන් එයාට දකින්න ලැබුණෙ තේහ්‍යුන්ග් එයාගෙ පපුවට උණුහුමට ගුලිවෙලා ඉන්නවා.

ජන්කුක් හෙමිහිට අත් ඒ පිරුණු කම්මුල් වලට අරන් ගියා. තොල් උල් කරගෙන කොණ්ඩෙත් අවුල් කරන් නිදන් ඉන්න ඔමේගාගෙන් ඇස් අහකට ගන්න ජන්කුක් ට උවමනාවක් තිබුණෙ නැහැ.

ජන්කුක් තේහ්‍යුන්ග් ගෙ තොල් වලට බරවුනේ තේහ්‍යුන්ග් හෙමිහිට ඇස් අරිද්දි.

කෙටි හාදුවකින් ඈත්වුන ජන්කුක් නිදිමතේම ඇස් පොඩි කරන්න ගත්ත ඔමේගා දිහා බැලුවා.

" සොරි මං ඇහැරවන්න හිතුවෙ නෑ. "

ජන්කුක් හෙමිහිට කොඳුරද්දි තේහ්‍යුන්ග් කෙඳිරිල්ලක් පිට කලා.

"බබෙක් වගේ.. ඔයා බබෙක් වගේ තේහ්‍යුන්ග් "

ජන්කුක් හිනාවෙන්න ගද්දි තේහ්‍යුන්ග් රැව්වා.

"හිනාවෙන්න එන්නෙපා මට... "

තේහ්‍යුන්ග් රවාගෙනම ජන්කුක් ගෙ පපුවට එකක් ගැහුවෙ එයාලගෙ දැඟලිල්ලට බ්ලැන්කට් එක එහා මෙහා වෙද්දි.

ඒ දෙන්නම තවමත් බ්ලැන්කට් එක යට නිරුවතින් ඉන්නෙ කියන එක තේහ්‍යුන්ග් ට ගෙ ඔලුවට අකුණක් ගැහුවා වගේ මතක් වෙද්දි තේහ්‍යුන්ග් බ්ලැන්කට් එක ඇදලා අරන් පපුවට තද කරගත්තා.

"ඔයා මගෙ ඇදුම් ඉරලා දැම්මා. මං දැන් මොකක්ද අඳින්නෙ. ... දෙයියනේ.. ජින් හ්‍යුන්ග් .... හ්‍යුන්ග්  බයවෙලා ඇති.. ශිට් මම ලින්ක් ඔක්කොම බ්ලොක් කරලාම දැම්මා .. දැන් එයා... "

තේහ්‍යුන්ග් පිස්සුවෙන් වගේ කියවන්න ගද්දි ජන්කුක් ඇඳෙන් ඉඳගෙන තේහ්‍යුන්ග් ව තමන්ගෙ තුරුළට ඇදලා ගත්තෙ ටිකක් සන්සුන් කරන්න හිතාගෙන.

"බේබි.. මුලින් රිලැක්ස් වෙලා ඉන්න. ඇඳුම් ගැනනම් ප්‍රශ්නෙ අතන මගෙ අල්මාරියේ ඕන තරම් ඇඳුම් තියෙනවා. එතකොට ජින් හ්‍යුන්ග් ගැන අපි ඒක පස්සෙ කල්පනා කරලා බලමු මොකද කරන්නෙ කියලා. ම්ම්ම් ඊළඟට mind link ? ඔයා ඒක බ්ලොක් කලාද ඇත්තටම? "

ජන්කුක් තේහ්‍යුන්ග් ගෙ පිට අතගගා සන්සුන් කරන ගමන් අහද්දි තේහ්‍යුන්ග් හොඳ හුස්මක් අරන් ජන්කුක් ගෙ පපුවට හේත්තු උනා.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Aug 01, 2023 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

The Trueblood Hikayelerin yaşadığı yer. Şimdi keşfedin