පරිච්ඡේදය 2

712 140 71
                                    

තදින් වැහි කැට වැටෙන
සුළඟ සතුටින් දඟකරන
විටෙක තදින් පපුව සිපගන්න
විටෙක කෙහෙරැළි අතර දඟකරන
අඳුරු හීතල පිරුණ
සතුට සැනසුම ඉතිරුණ
ඉතින් අද වගෙ දිනක
මිහිරියි හමුවීම සොඳුර...

   ~ටෲබ්ලඩ් ජන්කුක්ගෙන් ඔමේගා තේහ්‍යුන්ග් ට~

(\_/)            (\_/)
( •_•)   ♥️   (•_• )
/>💜️>          <💚<\

     

ශිට් ශිට්!
ඔහු හිටියෙ තමන්ටම දොස්පවරගන්න ගමන්. මොකද ඔහුගෙම වැරැද්දෙන් ඔහු දැන් මහ පාරෙ බස් නැවතුම්පොළක රස්තියාදු උනා. පර්ස් එකත් ළඟ නැතුව ෆෝන් එකේ බැට්‍රිත් නැතුව ඔහු හිටියෙ හරිම අසරණ වෙලා.

මට ජිමින් කියපු දේ අහන්න තිබ්බේ..
ඇයි ඔයා ඔයතරම් මෝඩ කිම් තේහ්‍යුන්ග් ...?

තමන්ටම බැනගන්න ගමන් තේහ්‍යුන්ග් මූණ පිහදැම්මෙ වතුර බිංදු එකින් එක මූණට වැටෙන්න ගත්ත නිසා.

ශා...නියමයි !!

ඒ පාර අහසටත් රවන ගමන් තේහ්‍යුන්ග් බස් ස්ටොප් එකේ වහලය  යටට ගියේ වැස්සෙන් බේරෙන්න. මේ කරදර අස්සෙ හෙම්බිරිස්සාවකුත් හදාගන්න ඔහුට ඕනෙ උනේ නෑ.

තේහ්‍යුන්ග් ගෙ ඇස් එතන හිටිය මිනිස්සු දිහාට යොමුවුනා. බීටා ස්මෙල් එක තියෙන මිනිස්සු දෙන්නෙකුත් , සාමාන්‍ය ගැහැණු දෙන්නෙකුත් හිටගෙන හිටියා. තේහ්‍යුන්ග් මොහොතකට ඇස් පියාගත්තේ තමන්ගෙ හ්‍යුන්ග්වයි අප්පාව‍යි දකින එක එයාගෙ මෝඩ වැඩ නිසා තවත් පරක්කු උනා කියලා හිතන ගමන්.

වැස්සත් එක්ක වේගෙන්  හමාගිය හුළඟ තේහ්‍යුන්ග් ගෙ සුදු ෂර්ට් එක අතරින් ඇවිත් කිරි සුදුපාට හම සිපගත්තා.

බලාපොරොත්තු කඩඋණ ඇස්වලින් හිටිය තේහ්‍යුන්ග් ගෙ ඇස් දිලිසෙන්න ගත්තෙ පාරෙ යන ටැක්සි එකක් දැකලා. වැස්ස ගැනවත් නොසලකා අතත් ඉස්සරහට දික් කරගෙන තේහ්‍යුන්ග් පාරට බැස්සෙ ඉක්මනින් ගෙදරට යන්න තියෙන උවමනාව නිසා.

ටැක්සි එක දිහාම බලාගෙන අතත් පුලුවන් තරම් ඉස්සරහට දික්කරගෙන හිටිය තේහ්‍යුන්ග් ට තමන්ව පහුකරගෙන ගියපු කලුපාට සුඛෝපභෝගී වාහනේ ගැන සිහියක් තිබුණේ නෑ. තේහ්‍යුන්ග් ට හොඳටම විස්වාසයි එයාගෙ අත මොකක් හරි දෙයක ස්පර්ශ උනා කියන එක. ඒත් තේහ්‍යුන්ග් ට ඒ ගැන අවධානය යොමු කරන්න උවමනාවක් ආවෙ නෑ.
නවත්තගන්න කොයිතරම් උත්සාහා කලත් වෙන්න තියෙන දේ අනිවාරෙන් සිද්ධ වෙනවා. දෛවයේ ලියලා තියෙන හමුවීම් ඒ ආකාරෙන්ම සිද්ධ වෙනවා.

The Trueblood Dove le storie prendono vita. Scoprilo ora