පරිච්ඡේදය 12

455 122 29
                                    

මම ඔයාව ඇහැරවන්න හිතුවා විතරයි .

ජින් කිව්වෙ තේහ්‍යුන්ග් කම්මැලි විදියට කිචන් එකට ඇවිදන් එද්දි.

තේහ්‍යුන්ග් ඇඳන් හිටියෙ ලොකු අලුපාට ටී ෂර්ට් එකට කොලපාට ශෝර්ට් එකක්.

ඇස් පොඩි කරන ගමන් කිචන් එකට ඇවිදන් එන තේහ්‍යුන්ග් හුරතල් විදියට පෙනුනා.

මොනාද හදන්නෙ?

නහයට දැනෙන කෑම සුවඳ ඉව කරලා තේහ්‍යුන්ග් අහද්දි ජින්ගෙ අවධානයට ආයෙත් එයාට යොමු උනා.

පෑන් කේක්ස්.

ජින් උත්තර දුන්නම තේහ්‍යුන්ග් භාජනේට එබිලා පෑන්කේක් එකක් අරන් එතනම ස්ටූල් එකෙන් වාඩි උනා.

කෝ අප්පා?

පැල වගයක් බලන්න ගියා මං හිතන්නෙ.

ජින් ස්ට්‍රෝබෙරි බෝල් එකක් තේහ්‍යුන්ග් දිහාවට දික්කලත් තේහ්‍යුන්ග් ඒක මගෑරලා චිප්ස් බෝතලේ ඇරියා.

අපේ අර කසින් කවුද හ්‍යුන්ග් ? එයා කොයිවෙලේද ගියෙ ?

තේහ්‍යුන්ග් කුස්සියෙන් සාලෙ පැත්තට ඔලුව යවන ගමන් ඇහුවා. ඒක අමුතුයි වගේ දැනුනා. එයාගෙ කසින් එයා කවදාවත් නොදැන හිටිය කෙනෙක් උන එක.

අප්පා කිව්වා එයා ඊයෙම ගියා කියලා.

ජින් කියද්දි තේහ්‍යුන්ග් ඔලුව වනන ගමන් චිප්ස් අහුරක් කටේ ඔබාගත්තා.

ඔයා ෆ්ලවර් ෂොප් එකට යන්නැද්ද අද ?

නෑ මට කියන්න අමතක උනානෙ...... ළමයො උදේට හොඳ දෙයක් කනවා චිප්ස් ගිලින්නෙ....

ජින් තේහ්‍යුන්ග් ට තදින්න කියන ගමන් මී පැණි ටිකක් පෑන් කේක් එක උඩට වත්කලා..

මට කියන්න අමතක උනානෙ ජන්කුක් පාර්ටි එකක් ඇරේන්ජ් කරලා. මොකක්ද කම්පැනි එකේ එකක්. මාත් හරියටම දන්නෙ නැහැ. ඒත් ජූනි අපිට ඉන්වයිට් කලා ඒකට.

The Trueblood Where stories live. Discover now