පරිච්ඡේදය 11

487 123 26
                                    

මේකත් ට්‍රයි කරලා බලන්න පුතා..ජින් තමා හොඳම  japchae හදන්නෙ.

මිස්ටර් කිම් තවත් කෑම් ප්ලේට් එකක් වොන්හොට දෙන ගමන් කිව්වා.

වොන්හො එළියට පේන්න හිනාවෙලා හිටියත් හිත යටින් ශාප කරමින් හිටියා. මේ නාකි මනුස්සයා එයාට වදයක් උනා. එයා බලාපොරොත්තුවෙන් හිටිය කෙනා පරක්කු වෙන එකත් එයාට හිසරදයක් උනා.

හදිසියේම ගෙදර සීනුව නාද උනේ වොන්හොගෙ හිත බලාපොරොත්තු ගොඩකින් පුරවලා.

මම බලන්නම්.

ජින් කෑම මේසෙන් නැඟිට්ටා. වොන්හො තනියම හිනා වුනේ තේහ්‍යුන්ග් ව බලාපොරොත්තුවෙන්.

දොර දිහාවට ඇවිදන් ගිය ජින් දොර විවෘත කලත් එක්කම එයාගෙ ඇස් පුදුමෙන් විශාල උනා. ජන්කුක්ගෙ අත්වල ගුලිවෙලා ඉන්න තේහ්‍යුන්ග් ව දකිද්දි ජින්ගෙ පපුව බයටම වේගෙන් ගැහෙන්න ගත්තා.

මගෙ දෙවියනේ.. මොකක්ද සිද්ධ උනේ?

ජින් ඇහුවෙ ජන්කුක් දිහා සැකෙන් බලන ගමන්.

හ්‍යුන්ග් එයාට පොඩි කලන්තයක් දාලා. කලබල වෙන්නෙපා.

යුන්ගි මැදිහත් වෙද්දි ජින් දොරෙන් එහාට උනේ ජන්කුක්ට ඇතුලට එන්න ඉඩ දීලා.

එයාගෙ රූම් එක කොහෙද?

උඩ තට්ටුවේ.
ජන්කුක් අහද්දි ජින් උත්තර දුන්නා. එයාගෙ ඇස් දිගටම රැදිලා තිබුණෙ තේහ්‍යුන්ග් ළඟ.

මොකද මේ උනේ?

මිස්ටර් කිම් ගෙ බය මුසුවුන සද්දෙ පිටිපස්සෙන් ඇහුනා. ඒ පස්සෙන්ම වොන්හොත් එතනට ඇවිත් හිටියා.

යුන්ගි සිද්ධිය විස්තර කරද්දි ජන්කුක් තවත් මොහොතක්වත් රැදෙන් නැතුව එතනින් ගියෙ තේහ්‍යුන්ග් ගෙ රූම් එක දිහාවට.

ජන්කුක් තේහ්‍යුන්ග් ව වඩාගෙනම එක අතකින් කාමරේ දොර තල්ලු කලා. ඒත් එක්කම එයාගෙ මූණට ලස්සන හිනාවක් ආවා.

The Trueblood Where stories live. Discover now