පරිච්ඡේදය 7

496 125 29
                                    

ඈත ක්ෂිතිජයේ බැහැගෙන යන ඉර නිසා මුලු අහසම තැඹිලි පාටින් වර්ණවත් වෙලා තිබුණා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ඈත ක්ෂිතිජයේ බැහැගෙන යන ඉර නිසා මුලු අහසම තැඹිලි පාටින් වර්ණවත් වෙලා තිබුණා. හන් ගඟ අද්දර එක පුංචි බන්කුවක ටෲබ්ලඩ් කෙනෙකුයි ඔමේගා කෙනෙකුයි හිතේ ගැඟීම් ගොන්නක් තෙරපගෙන ඉඳී කියලා කවුරුත් මේ වෙලවෙ හිතයිද ?

මේ තරම් වෙලා තැඹිලි පාට අහස දිහා බලන් ඉඳපු ජන්කුක් තමන්ගෙ එහා පැත්තෙ ඉන්න ඔමේගා දිහාවට හැරුණා. එයා ඔමේගාගෙ හදිසි වෙනස් වීම නිසා හොඳටම ව්‍යාකූල වෙලා හිටියෙ.

ඒක ලස්සනයි නේද ?

තේහ්‍යුන්ග් ගෙ කටහඬ ගැඹුරුයි. ඒ වගේම පැහැදිලියි. තේහ්‍යුන්ග් ගෙ නිල් ඇස් කෙලින්ම යොමු වෙලා තිබුණෙ බැහැගෙන යන ඉර දිහාවට.

ජන්කුක් දිගටම ඔමේගා දිහා බලන් හිටියා. ඇත්තම කිව්වොත් එයාගෙ ලස්සන දිහා. තේහ්‍යුන්ග්ට තිබුණෙ විශ්මයජනක පෙනුමක්. එයාගෙ සිල්වර් කොණ්ඩෙ දාගෙන හිටිය earings  පාටටම ගැලපුණා. ඒ වගේම හිනාවෙද්දි පිම්බෙන කම්මුල් ජන්කුක්ට හොඳට මතක තිබුණා.

" ඔව් ලස්සනයි "

ජන්කුක් තේහ්‍යුන්ග් ගෙ ප්‍රශ්නෙත් උත්තර දුන්නත් එයාගෙ ඇස්නම් තිබ්බෙ එයාගෙ එහා පැත්තෙ ඉන්න ඔමේගා ළඟ.

තේහ්‍යුන්ග් ට මූන්ෆ්ලවර් පර්ෆියුම් එක දුන්න කෙනාට ස්තූතිවන්ත වෙන්න තේහ්‍යුන්ග් ගෙ සුවඳ හැංගිලා තිබුණා. එහෙම නැත්තන් ජන්කුක්ට මෙහෙම සිහියෙන් ඉන්න ලැබෙයිද?

තේහ්‍යුන්ග් එකපාරටම ජන්කුක් දිහා බැලුවෙ ජන්කුක් කලබලෙන් අහක බලාගනිද්දි.

ඔව් එයාට අහුවෙන්න ඕනෙ උනේ නෑ.

ම්ම්ම් මට සමාවෙන්න මම ඔයාට කලින් ටිකක් නපුරු උනා.

The Trueblood Donde viven las historias. Descúbrelo ahora